(අංජුල මහික වීරරත්න)
ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි වලට අදාල දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එකී පනතේ විධි විධාන පරිදි වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි පනවනු ලැබ ඇත.
අදාළ පනත හා එකී පනතේ විධි විධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි අනුව, අදාළ වයස් සීමාවේ ළමයින් හා තරුණ අය සෞඛ්‍යයට, ආරක්ෂාවට හා සදාචාරයට හානි වන ආකාරයේ අනතුරුදායක රැකියාවක යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි.
එකී පනත සඳහා 2003 වර්ෂයේදී සිදු කරන ලද සංශෝධනය මඟින් එම පනතේ විධි විධාන අනුව වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් 10,000 නොඉක්මවන දඩ මුදලක් හෝ මාස 12ක් නොඉක්මවන කාලයක සිර දඬුවමක් යන දෙයාකාරයකින් එක් ආකාරයක දඬුවමක් හෝ එකී දඩය සහ සිර දඬුවම යන දෙකම සහ අධිකරණයේ අභිමතය පරිදි අගතියට පත් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ද නියම කිරීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇත.
එහෙත්, අදාළ දඩ මුදල් වටිනාකම ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය කර තිබේ. එබැවින්, ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 138 හා 182 සම්මුතීන් සමඟ අනුගත වෙමින් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ 7(3), 13(2) හා 20 (අ) (3) වගන්ති වල සඳහන් අවම දඩ මුදල් වටිනාකම යාවත්කාලීන කොට සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ස්ත්‍රී - තරුණ - ළමා රැකියා අඩම්තේට්ටම් දඩේ වැඩි කරයි