(අංජුල මහික වීරරත්න)
සැහැල්ලු මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටල දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට භාවිතයේ පවතින දුම්රිය වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ වල මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති අතර, ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා රේල් බස් කිහිපයක් පමණක් දැනට ධාවනයේ යොදවා ඇත.
එහෙත්, පවතින දුම්රිය කාලයටහනට අනුව රේල් බස් ධාවනය කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතු වී තිබේ. එමෙන්ම, ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් නාගරික ප්‍රදේශ වල ධාවනයට යොදා ගන්නා දුම්රිය කට්ටල ග්‍රාමීය ප්‍රදේශ සඳහා යෙදවීම ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව ද හඳුනාගෙන ඇත. එබැවින්, ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, මැදිරි වලට සවි කරන ලද ඩිසල් එන්ජිමකින් බලගැන්වෙන විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, දුම්රිය මැදිරි 3 කින් සමන්විත සැහැල්ලු දුම්රිය කට්ටල පුත්තලම, මඩකලපුව සහ මිහින්තලේ වැනි ප්‍රදේශවල දුම්රිය මාර්ග සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සලසාලීමට හැකි වන පරිදි මගින් 200-240ක පමණ ධාරිතාවක් සහ ප්‍රමාණවත් භාණ්ඩ ප්‍රවාහන ඉඩ කඩක් සහිත මැදිරි 03 කින් යුතු දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සැහැල්ලු දුම්රිය මැදිරි තුනක් එකලස් කරන්න කැබිනට් අනුමැතිය