ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක් ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 16 July 2025
අධ්‍යාපනය ඩිජිටල්කරණයට ’’ටික් ටොක්’’ සහය ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. 16 July 2025
ශානි එක්නැලිගොඩ නඩුවේ පැමිනිල්ලේ සාක්කිකරුවකු කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුලු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ශානී අබේසේකර මහතා නම් කළ බව නීතීපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද දැනුම් දුන්නේය. 16 July 2025
මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. 16 July 2025
මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 July 2025
2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරැඹේ 2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 16 July 2025
ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. 16 July 2025
විදුලි බල සංශෝධන පනත ගැන බලන්න කාරක සභාව රැස්වේ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලිණි. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. 16 July 2025
සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය. 16 July 2025
අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්රයේ ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 16 July 2025
කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන්නැයි වනජීවී නිලධාරීන් දැනුම්දීම හේතුවෙන් එම සතා ආහාර හිඟයකට මුහුණ දී සිටින්නේ යැයි ජනතාව පවසති. 16 July 2025
‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා අද පැවසීය. 16 July 2025
‘‘ආර්ථික මධ්‍යස්ථාන 18 රාජ්‍ය සමාගමක් කරනවා‘‘ ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්‍යස්ථාන කිසිඳු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය. 16 July 2025
වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ වලස්මුල්ල,රම්මල වරාපිටිය හල්දොලකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබූ මිනිස් පාදයක කොටසක් අද (16) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. 16 July 2025
සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිවිය. 16 July 2025
බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි වතු සේවකයෝ පවසති. 16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම්ව සහයෝගීතාව ඉහළ නංවනවා සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 16 July 2025
වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා ෙ මරණ දඬුවම් නියම කළේය. 16 July 2025
මාතරට විදෙස් රැකියා පොළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ. 16 July 2025
වැඩි ගුරුවරුන් ගැන වාර්තා ඉල්ලයි පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. 16 July 2025
වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට රක්ෂිත ලෙස ගැසට් කෙරිණ. 16 July 2025
මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 16 July 2025
රෙගේ සංගීතඥ ඇල්ෆා බ්ලොන්ඩි මෙරටට ලෝකයේ ජනප්‍රිය ’’රෙගේ ’’ සම්ප්රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රසංගයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට අද (16) අලුයම පැමිණියේය . 16 July 2025
පොලිසියට නව රූපලාවන්‍යාගාරයක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීන රූපලාවණ්‍යාගාරය ’රූ සිරි’ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරිණි. 16 July 2025
උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක් පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන්ගත් තායි ජාතික කාන්තාවට මාස එක හමාරක සිරදඬුවමක් නියම කළ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ. එල්. එම්. හිල්මි මහතා වසර පහකට අත්හිටවන ලෙස නියම කළේය. 16 July 2025
පුංචි සභා පනහක වැඩ කොටඋඩ පළාත් පාලන මැතිවරණය පවත්වා අදට මාස දෙකකට වැඩි කාලයක් ගොස් ඇතත් පළාත් පාලන ආයතන පනහක පමණ බලය විවිධ හේතු මත තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 16 July 2025
කහවත්තේ ඝාතනයකට ආධාර අනුබල දුන් හතරක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන් යැයිපවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකු අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. 16 July 2025
දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 16 July 2025
අද කාලගුණය සබරගමුව පළාතේ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2025
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි. 16 July 2025
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026