IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තැන තැන වෙඩි නතර කරන හැටි මහාචාර්ය ප්‍රතිභා කියයි

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ  ඒ ආශ්‍රිත උපාංග ලැබෙන තාක්  සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා  මහානාම හේවා මහතා පැවසීය.

මෙම හිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම නතර කිරීමට මීට වඩා  ශක්තිමත් වැඩ පිළිවෙළක් නොපමාව   ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා එසේ නොවන තාක් සිර මැදිරිවල සිට  ජංගම දුරකතන යොදාගෙන වෙඩි තැබීම් ඇතුළු විවිධ  අපරාධ සංවිධාන කිරීම දිගටම සිදුවිය හැකි   බවද සඳහන් කළේය.

ඇතැම් නිලධාරීන් පවා විවිධ පල ප්‍රයෝජන ලබාගෙන  මෙම සිරකරුවන්ට ජංගම දුරකථන සපයමින් උදව් කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු   කීවේය

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලකරුවකු  එම බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කරන ලෙසට කලකට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කළේ මේ හේතුවෙන් බවත්  කරුණු වටහා ගත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම සඳහන් කළේය.

බූස්ස  බන්ධනාගාරයේ පමණක් දරුණු ගණයේ පාතාලකරුවන් හැට දෙනකු පමණ රඳවා සිටින බව ප්‍රතිභා මහානාම හේවා  මහතා පැවසීය

යම් පාතාලකරුවකුට දේශපාලනඥයන් උදව් කර ඇති බව සනාථ වුවහොත් අපරාධ වලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ එම දේශපාලනඥයන්ට එරෙහිව කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

බූස්ස  බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් කරුණු  සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාය.



අදහස් (6)

තැන තැන වෙඩි නතර කරන හැටි මහාචාර්ය ප්‍රතිභා කියයි

Perakum Liyanagama Saturday, 06 September 2025 09:08 PM

අපි කවුරුත් මේ කියන දූෂණ ගැන දන්නව. ඒවා නතර කිරීමට නොහැක්කේ මන්ද කියලත් දන්නව. වැරදි කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිවෙක් ක්‍රියා නොකිරීමට හේතුවත් ඉතා පැහැදිලියි. එසේනම් බන්ධනාගාර තුල ජංගම දුරකථන අක්‍රිය කිරීමට වහාම කටයුතු කරන්න.

:       0       2

MD Saturday, 06 September 2025 09:51 PM

"කං කං බූරු සිං සිං නෝරු ,දුවල දුවල ගිහින් බංකු බංකු සිකුයුරුටි training අන්කල් සොයලදෙන්න.

:       1       0

Perakum Liyanagama Sunday, 07 September 2025 01:43 PM

බන්ධනාගාරය තුල දුරකථන සංඥා බ්ලොක් කරන එක හරිම ලේසි වැඩක්. ඇයි කවුරුත් ඊට උනන්දුවක් නැත්තේ... අනිත් එක දුරකථන ඇතුලට එන එක ඇයි වළක්වන්න බැරි? බැරිකම නොවෙයි එහෙම කලොත් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආදායම් මාර්ග ඇහිරෙනවානේ. පැවැති රජයන් වගේ මාලිමාවත් ඒ ගොඩට වැටෙන එකක් නැති බව අපට විශ්වාසයි...

:       0       4

Game Kolla Sunday, 07 September 2025 01:56 PM

වෙන සන්නිවේදන ක්‍රම ඇත්තේම නැද්ද? මිනිස්සුන්ගේ උපක්‍රමසීලීත්වය ගැන විහිළු කරන්න එපා...

:       2       0

cw Sunday, 07 September 2025 02:50 PM

මේ වගේ මොල කලින් හිටපු අයට මිස් වුනේ කොහොමද දෙයියනේ? මේක කියන්ට මහාචාර්ය පට්ටමක් ඕනෑද?

:       1       2

tissa Sunday, 07 September 2025 09:44 PM

බන්ධනාගාරයක් යනු නගරයක් තරම් විශාල තැනක් නොවේ. එවැනි කුඩා වපසරියක් තුලට දුරකථන ගෙනයාම වලවිය නොහැකි නිලධාරීන්ගේ ඇති ඵලය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site