යතුරු පැදි ඉස්සූ පාසල් සිසුවා මාට්ටු දඹදෙණිය කර්මාන්ත පුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා කමැති යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ සඟවා තිබූ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 17 July 2025
දරුපැටියා කාගෙදෝ පුස්සැල්ල කැලෙන් ඇහින්දෝ දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි. 17 July 2025
ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ජූලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබු නඩුව අගෝස්තු 21 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළාය. 17 July 2025
හෙද නිලධාරින් 60න් ගෙදර යැවීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය. 17 July 2025
මිදිගම රුවන්ගේ පෙත්සමට දින දෙයි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු යැයි කියන් මිදිගම රුවන් නමැත්තා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දැනුම් දුන්නේය. 17 July 2025
ෂාරුක් ඛාන්ට වෙනත් වැඩක් නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ. 17 July 2025
තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් හෙට (18) ඇමරිකාව බලා පිටත්ව යයි. 17 July 2025
නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා නවීන පන්නයේ යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට නාගර වැව කුරුලු උයනේ හිමිකරු නාරහේන්පිට පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි 17 July 2025
ඇහැලේපොළ වලව්වට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් සැපත් වෙයි මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි. 17 July 2025
කහවත්ත තරුණයා ඝාතනයට තවත් තරුණයන් දෙකක් රිමාන්ඩ් කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු ලබන 28 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය. 17 July 2025
අල්ලස් ගත් ග්‍රාම නිලධාරී කත මාට්ටු සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිවරියක උප්පැන්න සහතිකය වෙනස් කිරීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව කියයි. 17 July 2025
පාර්ලිමේන්තුවේ වැඩ ගැන පූජක සිසුන්ට උගන්වයි පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ සම්ප්‍රදායන් පිළිබඳව කලුතර “දහම් සෙවණ” දෙව් සත්හලේ පූජක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 17 July 2025
ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි මෙවර ජාතික ක්‍රීඩා උළෙල අදියර පහක් යටතේ පවත්වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 17 July 2025
දැන් භාණ්ඩාගාරෙන් යැපෙන තැපෑල ලාභ ලබන තැනක් කරනවා මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 July 2025
LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී ඇත. 17 July 2025
ඉරාක ගින්නට බිලි වූ ගණන 60 ක් ඉරාකයේ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත් අතර, ගින්නට හසුවීමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 100 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. 17 July 2025
කඩින් කඩ වාරික ගෙවා සම්පූර්ණ කළ අයටත් ගොවි විශ්‍රාම වැටුප දෙයි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා කඩින් කඩ සම්පූර්ණ වාරික ප්‍රමාණය ගෙවන ලද ගොවීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා නිවේදනය කරයි. 17 July 2025
හිරේ ගිහින් වැඩ පෙන්නූ අයගේ පොළ අදත් බන්ධනාගාර රැඳවුවන්ගේ කුසලතා නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ප්‍රදර්ශනයේ අවසන් දින විවෘත කිරීම බන්ධනාගාර වෘත්තිය උපදේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද(17) සිදු කෙරිණි. 17 July 2025
සජබ නායකයා වෙනස් වෙන්න ඕන සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 17 July 2025
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 17 July 2025
කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 July 2025
’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’ තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 July 2025
ඝාතන රැසක වෙඩික්කරුවෙක් බක්කිඇල්ලෙදී මාට්ටු බක්කිඇල්ල රජගලතැන්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඊයේ(16) අත්අඩංගුවට ගත් සැකකරු මිනිස් ඝාතන තුනක් සිදු කළ වෙඩික්කරු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. 17 July 2025
අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණ අද අධිචෝදනා භාරදුන්නේය. 17 July 2025
සුදු වෑන් රියකින් පැහැර ගත් සිසුවා රියෙන් පැන දිවි බේරා ගනී කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත්බව කියන පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සුදු පැහැති වෑන් රියකින් රැගෙන යමින් සිටියදී එම රත්නපුර ප්‍රදේශයේදී වෑන් රථයෙන් පැන සිය දිවි බේරාගෙන ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 17 July 2025
බොරැල්ලේ වෙඩි තැබීමට උදව් කළ දෙන්නෙක් අල්ලයි බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායාම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 17 July 2025
‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ (16 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 17 July 2025
අදත් තැනින් තැනට වැසි සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 July 2025
ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2025
පාදුක්කේ අනතුරකින් දෙදෙනෙක් මරුට පාදුක්ක හල්පෙවත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදියෙහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 16 July 2025
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026