
( ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව කොල්ලූපිටිය පොලිසිය පවසයි.
මුහුදට වැටුණු මව බේරාගැනීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
ස්වාමිපුරුෂයා සමග ඇති වූ ආරවුලක් මත මෙම කාන්තාව සිය දරුවාද සමඟ වැලිමඩ ප්‍රදේශයේ සිට කොල්ලූපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා නුවරඑළිය ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම කාන්තාව දරුවාද සමඟ මුහුදට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළේද නැතහොත් මෙම කාන්තාව විසින් තම දරුවා මුහුදට විසි කළේද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd