
(ගයාන්සූරිය ආරච්චි)
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 හා 32 වයස් වල පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.සැකකරුවන් ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රැන්ඩ් පාස් පොලිසිය වෙත භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd