
(තිස්ස කොටින්කඩුව, ප්‍රසංග පෙරේරා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස් හා ගෙවතු අළංකරණය සදහා යොදා ගන්නා කැට වර්ග නිෂ්පාදන කරන ස්ථානයකින් සොයාගත් අයිස් නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රාසායන ද්‍රව්‍ය කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂක අංශයට යොමු කළ බව පොලිසිය කියයි.
කදානේ සුපිරි මහල් නිවාසයක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදයට යොදා ගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය කිලෝ 2500කට අධික ප්‍රමාණයක් ඊයේ (7) සොයාගත් බව පොලිසිය කියයි.
කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම නිලධාරීන් කදාන පොලිසිය සමග ඊයේ (07) සවස කදාන දුම්රිය ස්ථානයට යන මාර්ගයේ අතුරු මාර්ගයක පිහිටි සුපිරි දෙමහල් නිවෙසක් වටලා පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ සහ නිවසට යාබදව කැලෑවෙන් වැසී තිබූ ඉඩමකින් මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගත් බව කදාන පොලිසිය පවසයි.
මෙම නිවෙස පොලිසිය විසින් වටලන අවස්තාවේ එම නිවෙසෙහි කුලි පදනම මත පදිංචිව සිටි තරුණ යුවළක් සහ දරුවකු නිවෙසෙන් පැනගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිටපු දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් මත් ද්‍රව්‍ය මෙරට තුලදීම නිශ්පාදනය සඳහා ක්‍රියා කරන තරමට දුරදිග යාම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද. මාලිමා රජය මේවා අත්හිටුවා අදාල සියල්ලන්ටම දැඩි දඬුවම් දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
වරායෙන් හොරට පන්නපු කන්ටේනර් 323 ප්‍රථිපල මේවා තමා. ජේවීපියට මේ අපරාධය නම් පාස්කු ප්‍රහාරය වගේ අනුන් පිට පටවලා අතපිහාගන්න ලැබෙන්නේ නෑ.