
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය නොවන නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත අළුබෝමුල්ල පොලිසියට අමතරව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් තියෙනවා නම්, මේ මිනීමරණ හැටියට, මහජන ආරක්ෂක ඇමැතියයි, ලේකමුයි දෙන්නම ඉල්ලා අස්වෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙන දෙන්නෙක්ව පත්කරන්න ඕනෑ. ආණ්ඩුව ෆේල්...
යෝගා ඔයා ගිහින් ඔය තනතුරු දෙකම භාර ගන්න.