
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇත.අප පක්ෂය කිසි විටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.
එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නාඩගම් එපා මහත්තයෝ.. ඔයාලා බබාලා, කලින් මොනවත්ම දැනගෙන හිටියේ නෑ.
ඕකත් ඉතින් අහන්න දෙයක්යෑ... ගෑවෙන හැම තක්කඩි පිටිපස්සේ කොණ පොහොට්ටුවේ කෙනෙක්...
ඉස්සර නම් මහින්ද මහත්තයා මාව බදාගෙන, අල්ලන්න ආපු අයව එළෙව්වා...
තහනම් වෙන්නේ ලියුමටනේ. සම්බන්ධතාවන් පෙරටත් වඩා සව්මත් නේද..?
එනපොට හොද නැහැ... කෙල්ල ගෙට ගනින් කිව්වලු...
අඩේ අප්පා ඔහොම අස්කරන්න ගියොත් ඉතින් මේ අවුරුද්ද අවසානයේදී පොහොට්ටුවක් ඉතුරු වෙන්නේ නෑ...
එහෙම බැලුවොත් පක්සයේ නායකයා ඉදලා ඉන්නෙම දූෂිතයෝ?
ඔයාලා මීට කළින් දන්නේ නැහැ වගේ. අද මෙයා මෙහෙම කිව්වට, හෙට නාමල් කියාවි මේක දේශපාලන පළිගැනීමක් කියලා.
ඔක්කෝමලා අස් කරන්න වෙයි. පොහොට්ටුව කියන්න හොරුන් මැරයින් කුඩ්ඩන් වෙනුවෙන් පිහිටවපු බැසිල්ගේ පක්ෂයනේ...
මේ අනතුරු වලට වගකියන්න ඕනේ ඩ්‍රයිවින් කරද්දී ගතයුතු ආරක්‍ෂිත පියවර, ගැන කියල නොදී, ඕනෙම එකෙක් සුක්කානම කරකන්න උන පලියට නිකන් ඕනේ පාස් කරන ඩ්‍රයිවින් ලයිසන් දෙන උන්. වෙන රට වල විශේෂයෙන් ඩුබායි, Europe වල ලයිසන් ගන්න උන් දන්නවා කොච්චර නම් අමාරුද ලයිසන් ගන්න කියල . අපේ රටේ ඒකට ,...................... බස් ගමුනුත් මේවට වගකියන්න ඕනේ. නීති ක්‍රියාත්මක කරන්න යද්දී මුගේ විරෝධතා
පක්ෂ සමාජීකරණය අයින්කලාට දැන් වැඩක් නෑ… කලින් පොහොට්ටුවේ, කරන්න පුළුවන් හැම බලු වැඩේම කරලා දැන් බොරුවට ජනතාව ගොනාට අන්දන්න හදනවා… NPP ආණ්ඩුව ආවේ නැත්නම් , අයිස් මෙඩ් ඉන් ශ්‍රී ලංකාව වෙනවා
ඔය පක්ෂේ ඉන්නේ එකෝ කුඩු මුදලාලිලා ... එක්කෝ ස්ත්‍රී දූෂකයෝ... එක්කෝ මිනී මරුවෝ , එහෙම නැත්නම් හොරු