
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
අධි රුධිර පීඩනය වැඩිවී කැරකිල්ල වැනි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
වෛද්‍ය ප්‍රතිකාර ලබාදී සුවවීමෙන් පසු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු සිටි මැදිරියට ( වාට්ටුවට) යළි ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලා තියෙන වැඩවල හැටියට හොදටම තදවෙලා වගේ...
හොරා කාලා සැප වින්දපු හැටි මතක් වෙනවා ඇති. අවුරුදු 5ට කෝටි 4000 ක් එසේ මෙසේ ගැහිල්ලක්ද? පින් කැට හොරා කියලත් කියන්නේ නිකම්ද?
ශරීරය පුපුරන්න කිට්ටුවට තරබාරුකම. අසූචි කාල හැදුන තඩි ශරීර....
බබා උකුං….