
(අංජුල මහික වීරරත්න)
රජයේ වැරදි පෙන්වා දෙන අයට දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බව කී විපක්ෂ නායකවරයා මේ තත්ත්වය නිසා සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති බව සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේ සිටින අයට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.
වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන් නම් කියූ නමුත් ඔවුන් රටේ වගකීම බාර ගත් මොහොතේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බව කීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව හිනා ගන්වා සතුටු කරන ඔබට ස්තූතියි!
මව් පාර්ශවයෙන් විමසුවොත්, ඔයා ගැන වැඩි විස්තර දැනගත හැකිය.
රිචඩ් ද සොයිසාව මතක් උනා.
පාතාලෙන් නම් රජයට මරණ තර්ජන කතාව ඇත්ත
ස්විමිං පූල් එකේ ෆොටෝ ගහපු එකා මැරැවෙ කව්ද පුතේ?
රජයේ වැරදි පෙන්වන්ඩ ගිහින් මහ දවාලේ මාද්‍ය වේදීන් ගාතනය කරවපු හැටි,අතුරුදහන් කරවපු හැටි මතකවත් නැතුව ඇති.
මොකද්ද රජය කරන වැරැද්ද ?
ඇත්ත කතාව, ආණ්ඩුව විවේචනය කලාම මාලිමා පෙන්දෝ ටික කුපිත වෙලා රටේ නැති අපහාස කරනවා. උන්ට අනුන්ට අපහාස කිරීම සහ අතට අහුවෙන බොරු කීම ඇරෙන්න කිසි දෙයක් බැහැ
ඔයාලා කිරි පොවපු අය තමයි අපරාධ කරන්නේ. තව කට්ටිය අහු වෙනව ඉවසගෙන ඉන්න
ඒ ඔබලාගේ කාලේ
නිකම් බයිලා ගහන්නේ නැතුව ඉන්නවා හලෝ. කරපු නීති විරෝධී වැඩ වහගන්න හොරු ඔක්කොම එකතුවෙන්න දඟලන දැඟලිල්ල අපිට පේනවා.
වහාම SJB නීතිඥයන් ලවා, ඔබ කියන මරණ තර්ජන එල්ල උනු අයට පැමිණිලි කර නඩු පවරන්න, ඔබතුමාට සාක්ෂිකරු ලෙස වශයෙන් පෙනී සිටින්න පුළුවන් නේ
පාතාලය වර්ධනය කරවලා, කුඩු ගෙන්නපු අය අහනවා පාතාලය ගැන, සේරම එලිවෙනවා. දැන් මෙයා අලුත්ම වැඩක් අර මල්ගවුම් කාර මඩකරිය වෙනුවෙන් කතා කරනවා, පව් මොවුන්ට උදව් කරලා නාගන්න එපා.. ඔවුන් තමයි ඔය පුතානෝ කියලා නම තැබුවේත්.