
(සුජිත් හේවාජුලිගේ)
පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා යැයි තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
පොඩි කොල්ලන්ට බස්රථ එලවන්න දෙනවානම් එය අයිතිකරුවන් කරන බරපතළ වරදක් බවද ඔහු ප්‍රකාශ කළේය.
රිය එලවීම වගේම කාර්මික ඥානයද බස් රථ රියදුරාට අවශ්‍ය බවත් ඒ පදනම ඇති කිරීමට වහාම නීති ගෙන ආ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය.
බලපත්‍රයක් යටතේ බස් ධාවනය කරනකොට කොන්දේසි ගණනාවක් සපුරන්න ඕන. රියදුරාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වාහනේ කාර්මික තත්වය පිළිබඳව සහතිකයක් දෙන්න ඕන. ඒ වගේ අපේ බස් රථවල විශේෂයෙන්ම රියදුරාගේ පළපුරුද්ද බලනවා.
පොඩි කොල්ලන්ට මේ වගේ බස් රථය දීලා අයිතිකරුවන් කරලා තියෙන්නේ බරපතළ වැරැද්දක්. අපි නම් එහෙම යොදවන්නේ නැහැ. ඒ වගේම අපේ රියදුරන් කඳු පල්ලම් අනතුරු තියෙන තැන් ගැන විස්තර ඔක්කොම දන්නවා. අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගින් තමා වැරැදි, බස් ගැමුණු හරි...
ඒ වගේම ජනතාව අපහසුතාවයට පත්කරන අනවශ්‍ය වැඩ වර්ජන කරන්නත් එපා.
මේ අනතුරු වලට වගකියන්න ඕනේ ඩ්‍රයිවින් කරද්දී ගතයුතු ආරක්‍ෂිත පියවර, ගැන කියලා නොදී, ඕනෙම එකෙක් සුක්කානම කරකන්න වුණු පලියට නිකන් ඕනේ පාස් කරන ඩ්‍රයිවින් ලයිසන් දෙන අය. වෙන රටවල විශේෂයෙන් ඩුබායි, යුරෝප් වල ලයිසන් ගන්න අය දන්නවා කොච්චර නම් අමාරුද ලයිසන් ගන්න කියලා...
පිංසිද්ධ වෙයි ගැමුණු මහත්තයො ්බස්වල කන්රච්චල් ඇඬියාවල් (සිංදු) නවත්වන්න. මිනිස්සුන්ට හුස්මක් ගන්න බැරි තරමට පටවගෙන ඒ මදිවට ශබ්දපූජාවකුත් .පිස්සු හැදෙනව නේද?
නීති ගේනකොට රෙද්ද උස්සං කෑගහපු එකා, මොන මුකෙං ද කතා කලේ?
පෙරලුන බස් එක පැදවූයේ අවු.27ක පුද්ගලයෙක්. කොල්ලෙක් නොවේ නේද?
යකෝ අවුරුදු 25 එකෙක් පොඩි කොල්ලෙක් වෙන්නේ කොහොමද ? මේ මනුස්සය කියනවිදිහට බස් ධාවනය කරන්න ඕනේ 60 පැනපු මිනිස්සුද ?
සත්තකින්ම වර්තමාන පහසුකම් අනුව රියැදුරන් තමන් ගමන් කරන මාර්ගය සම්බන්ධයනේ පෙර දැනුවත් වීමකින් යුක්තව ගමන් කිරීමට පුහුණු වීමත්, බලපත්‍ර දීමට පෙර අත්‍යාවශ්‍ය කාර්මික පාඨමාලාවක් අනිවාර්ය කිරීමත් සුදුසුයි.
දැන්ද ඇහැරුණේ...?