
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පුද්ගලික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සි කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයායි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක්යක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාර සාමාන්‍යාධිකාරි මූල්‍ය විමර්ශන අංශ 3 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේදී මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමේ සිද්ධියේ ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනක වන්දියක් මෙරට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නැව් සමාගමට නියෝග කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරන අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීන්දුවක්. රාජපක්ෂ රෙජීමය කාලේ නොසැළිකිලෙන් මේ ගිනිගත් නැව රටට ගත්තේ. අපේ මුහුදු තීරයේ මොනතරම් විනාශයක් වුණාද? හරි නම් ඒ කාලේ නාවික කටයුතු ඇමැති රත්තරන් වගකියන්න ඕනේ. තනිකරම නොසැලකිල්ල. වුණු පරිසර විනාශය මිල කළ නොහැකියි...