(බී. ජී. චතුරංග)
අනුරාධපුර රඹෑව ඒ20 ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව ප්‍රදේශයේදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
පරසන්ගස්වැව හංදියේ පිහිටි බස් නැවතුමේ නවතා තිබූ ලංගම බස් රථයක පිටුපසට, එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
මෙම අනතුරේදී තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව් දෙනාම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු විමසීම්කදී තහවුරු කළේය.
තුවාල ලැබූ අය අතර කාන්තාවක්ද සිටින බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
වෑන් රථයේ ගමන් කළ පිරිස කොළඹ සිට යාපනය ප්‍රදේශය කරා ගමන් කරමින් තිබූ බවත්, ඔවුන් කවුරුන්ද යන්න දැන ගැනීම සඳහා රෝහලට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රිය අනතුරින් හතරක් රෝහලේ