
(මනෝප්‍රිය ගුණසේකර)
බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය.
තමන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් 2023 ඔක්තෝබර් මස සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහැරීමෙන් පසු තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ බව පොලිසිය මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නත් එවැනි උපදෙසක් නීතිපතිවරයා අධිකරණයට එවා නොමැති බව පවසමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරිය තීරණය කර ඇති බවත් සඳහන් කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත්වරියගේ එම වැරදි සහගත ක්‍රියා කලාපය තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාග කිරීමට තීරණය කරමින් වැලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර් 25 වැනිදා නොතිසි නිකුත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඇත්නම් ලබන 23 වන දා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි තව වැඩිකල් නෑ. කෝකටත් කොහේට හරි පනින්න වීසා අරන් තියාගන්න...
බලයේ ඉන්නවිට කළ නොහැකි දෙයක් නැත... කෝ සාධාරණය මට පේන්නේ ඔක්කෝම එකයි වගේ...
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. හාමුදුරුවෝ පොලිසියේ ලොක්කටත් ඉහළයි, උසාවියටත් ඉහළයි වගේ. සිස්ටම් චේන්ජ් කියලාත් කිව්වලු...
වෙන ආණ්ඩුවක් කාලේ ඕක වුණා නම් ...
නීතියට උඩින් කවුරුවත් නෑ. හැමෝටම නීතිය එකයි. මේ NPP AKD රජය... කවුරු වැරැදි කළත් දඩුවම් දෙනවා... අනේ සංසාරේ... ඩෝබිලා වහාම සේවයට වාර්තා කරන්න. විශාල ප්‍රමාණයක් සෝදන්න තියෙනවා.
රාජපක්ෂලා, වික්‍රමසිංහලා නඩු ඇහුවේ එහෙම තමයි, චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි නැතත් නඩුව අහලා දඩුවම් දෙන්න ඕනෑ තමන්ගේ විරුද්ධවාදියෙක් නම්...!
මුන් ඔක්කොම එකයි මල්ලි. මුන් ඔක්කොම හොරු මල්ලි.
මේක තමා මාලිමාවේ පිරිහීමේ ආරම්භය...
එයාලාට අවනත විනිසුරු කෙනෙක් ලවා නිදහස් වෙන්න උත්සාහ කරනවා කියලා තමා අපට හිතෙන්නේ. කෙලින්ම එහෙම කරනවා කියලා නොකියන්නේ වැරැදි කාරයා නිදහස් කරලා, අපිව හිරේ දායි කියලා හිතෙන නිසා...
පුනරුදයේ වටිනාකම කොපමණද කියලා තේරෙනවා ඇති නැත්නම් හිරේ ඉන්න ඕනෑ ...
නීතිය හා සාමය, පාලනය, අධිකරණ පද්ධතිය රඳා පවතින්නේ තුන්වන ලෝකයේ රටක බලයේ සිටින්නේ කවුරුන්ද යන්න මතයි. මෙය මීට පෙර සිදු වූ අතර දැන් සිදුවෙමින් පවතී. අනාගතයේදී සිදුවනු ඇත. මෙය අලුත් දෙයක් නොවේ. යථාර්ථය නම් වහලුන්ට එය තේරුම් ගැනීමට අවශ්‍ය නොවන බවයි. ඒ "අපේ ආණ්ඩුව"...
කෝ මේ ලොන්ඩරිය? වහාම සේවයට වාර්තා කරන්න...
JR , ප්‍රේමදාස , චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, ගෝඨාභය, රනිල්ගේ කාලවල සිදුවුණු මෙවැනි දේවල් වෙනස් කරන්න තමයි මිනිස්සු මලිමාවට ඡන්දේ දුන්නේ... දැන් පොලිසිය බාරවෙලා තිබෙන්නේ මෙවැනි චූදිතයෙකුට නම් තත්වය හොඳ නැත...
මට පෙන්නේ මේ ආණ්ඩුව කලින් ඔක්කොම ආණ්ඩුවල තිබ්බ ජහ ජරා වැඩ ඒකමතිකව අරගෙන වැඩ කරන්නේ
හරිම සතුටුයි. කියලා වැඩක් නෑ. මීට පස්සේ නොසැළකිල්ලෙන් බීගෙන රිය පදවලා මිනිස්සු එලොව ඇරියම ගැලවෙන්නේ කොහොමද කියලා දැන් දන්නවා. නගින්න මාලිමා වේදිකාවට. 68 ලක්‍ෂයක්ම චන්දය දීලා පිලි අරගත්තු අයගෙන් පොලිසියටත් වඩා උඩ තැනක් ලැබිලා උසාවියත් පොලොසියත් දෙකම නඩු දැම්මට වරදකරුවන් කරලා මම ගෙදර. හලෝ කැකිල්ලේ...
දැන් එතකොට වැරැද්ද කරලා තියෙන්නේ පොලිසියයි නඩුකාරතුමියයිද. බීලා ගිහින් මිනිස්සු හප්පලා මැරුවාට කමක් නැද්ද. නියම සිස්ටම් චේන්ජ් එකක්නේ.
68 ලක්ෂය දැන් මොකද හිතන්නේ. ඉතා සුපිරිසිදු පාලනයක් ඉල්ලලා නේද මේ රජය බලයට පත් කරේ. මේ අලුත් පෙරළිය ගැන මොකද හිතන්නේ. මේකත් පිරිසිදු ක්‍රියාවක්ද?
තමන් වැරැදි නැත්නම් ඒක උසාවියෙන් බේරාගන්න. එහෙම නැත්නම් නියම කරන දඩුවම ගෙවන්න... නිකං නෝණ්ඩි නොවී...!
කෝ යුක්තිය ගැන කතා කරන කයිතන්ලා ටික...?