IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩිජිටල් සේවා වැට් බද්ද කල් දමයි

(අංජුල මහික වීරරත්න)

නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025-10-01 දින සිට බල පැවැත්වෙන පරිදි නිර්වාසික නැනැත්තෙකු (Non-resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. 

කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සුදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූන් කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් ඉල්ලා ඇත. 

ඒ අනුව, 2025-10-01 දින වෙනුවට අදාළ බද්ද බලාත්මක කිරීමේ දිනය 2026-04-01 ලෙස සංශෝධනය කිරීමටත්, ඒ සඳහා අදාළ සංශෝධිත විධිවිධාන දැනටමත් කෙටුම්පත් කෙරෙමින් පවතින එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතට ඇතුළත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ඩිජිටල් සේවා වැට් බද්ද කල් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site