
(නිමල කොඩිතුවක්කු)
රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්නැයි වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීමට, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට මෙන්ම ජනතාවට අඩු මිලට විදුලිය සැපයීම යන සියලු කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද(04) සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වීමට විදුලි සේවක වෘත්තීය සංගම් පියවර ගනු ලැබීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
”අපේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සපයන්න, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න මෙන්ම ජනතාවට අඩු මිලට විදුලිය සපයන්න සියලු කරුණු අනුව මේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරනවා. සියයට සියයක් රජය සතු සමාගම් පහකට තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ.
මේ ගැන විදුලි බල ඇමතිවරයා සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. රටට මේ වැදගත් ආයෝජකයන් කැඳවා ගැනීමේදී අපේ කර්මාන්ත පවත්වා ගැනීමේදී පාරිභෝගිකයන්ට සහන සැලසීමේදී මේ පියවර සඳහා යා යුතුම වනවා කියලා සියලු විදුලි බල සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
කලින් ආපු ආණ්ඩු කරන වැඩේ නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕන නෑ. ඔබට අවශ්‍ය නම් ප්‍රමාණවත් වන්දියක් ලබාගෙන විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයකුත් තියෙනවා.
ඒ නිසා පරණ දේවල් ඔලුවේ තියාගන්නේ නැතුව දේශපාලන හේතූන් මත වැඩ වර්ජන වලට සේවකයන් කැඳවන්නේ නැතුව විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන වෙලාවෙදි ඒ වෙනුවෙන් වෘත්තිය සමිති තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා ඇත්තටම උගත් මිනිස්සුන්ටත් අගෞරවයක්...
විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සන්ගම් කාරයෝ එදා ඉන්දළාම කෙරුවේ මොකක් හරි හේතුවක් අල්ලාගෙන වර්ජන කරපු එක. රටට හොද වැඩක් වෙනවා නම් කුහක නොවී සහයෝගය දෙන එකයි... හරි නම් කරන්න තියෙන්නේ. ඉන් ලැබෙන ප්‍රතිඵළ මුලුමහත් ජනතාවටමයි...
එහෙම කළොත් මොකද වෙන්නේ? අර පිටින් විදුලිය අරගෙන තම තමන්ගේ මඩි තර කරගන්න අයට තමයි වැඩ වරදින්නේ. පිටිපස්සේ ඉන්න දේශපාලුවන්ට. එයා කැමැති නැහැ.. පාරිභෝගික ජනතාවට කීයක් හරි ආපහු දෙන්න.
කටින් ද මුන්දැලා කතා කරන්නේ? රනිල් උන්නැහැ මේ වැඩේ මීට වඩා ටිකක් තනුක කරලා කරන්න හදන කොට පොළොවේ පස් කෑවා ඒකට විරුද්ධව. දැන් එයාලාම ඒක ඊටත් වඩා භයානක විදිහට කරන්න යනකොට මිනිස්සුන්ට කියනවා නොකර සද්ද ඉන්නලු. අධ්‍යාපනයටත් මේ සංගෙදියමනේ. අනිත් අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනැල්ලා ළමයින්ට යහපතක් කරන කොට අකුල් හෙලුවේ වර්තමාන ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ. අනුන් කරන කොට හොඳ නෑ. තමන් කරන කොට හොඳයි. මෙහෙව් දෙබිඩ්ඩෝ කොටසක් ලොවෙත් නැත...
ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ඇමැතිතුමෝ ඔහේලා වෙනත් ආණ්ඩු තිබුණු කාලවල රෙද්ද උස්සාගෙන මොනවාද කිව්වේ? දැන් ඔය මොනවාද කියන්නේ...?
මෙයාලා විපක්ෂයේ හිටියා නම් බලන්න තිබ්බා මෙයාලාගේ සහාය.... පක්ෂ වලට ගෑවුණු සියලුම සේවක සංගම් තහනම් කරන්න ඕනේ. මේ රටට කෙළවුණේ පක්ෂ වලට මේ වගේ ලොකු බලයක් ගිහින් රටේ හොඳ තීරණ දේශපාලන සේවක සංගම් නිසා කරන්න බැරි වුණු එක. මොනවා වුණත් රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව, සයිටම්, මේවාට හොඳ නිදසුන්...
කෝ මහත්තයෝ ඔහෙලාගේ ප්‍රතිපත්ති, ඉන්නකන් රට පස්සට ඇද්දා, මිනිස්සු ලව්වාම ඔය ඔක්කෝම ඕනේ, අනිත් කිසිම පක්ෂයක් වැඩ වර්ජන සහයෝගය නොදිය යුතුයි...
විපක්ෂයේ ඉන්නකොට ජනතාව පාරට බසසලා විරෝධය දාපු ඔක්කොම දැන් මෙයාලාට හොඳයි කියලා දැනිලා වගේ
මුන් දැන් කියනවා සහයෝගය දෙන්නලු. අනේ මන්දා මුන් කටින්ද කතා කරන්නෙ කියලා. අනිත් කිසිම ආන්ඩුවක් කරන්න නොදී පාරේ බෑගෙන ඉටියෙ 365 දවසෙම ස්ට්‍රයික් කර කර