
(අංජුල මහික වීරරත්න)
ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වූ එම පිරිස තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය.
මෙම අවස්ථාවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගා ගහන්න ඕකත් ආණ්ඩුවේ ඇගේ, ක්‍රීඩා සංගම් හොර ගුහා...
විවිධ පාර්ශ්වයන්ගේ අනුග්‍රහය ඇතිව මෙවැනි අකටයුතුකම් සිදුවන බවට නොයෙක්විට මැසිවිලි නගා ඇතත් ඒවාට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීමට හේතු සිතාගත හැක. සැමට ආදර්ශයක් වන පරිදි හා මෙවැනි දේ යලි සිදු නොවන පරිදි අදාල සියල්ලන්ට නිසි දැඩි දඬුවම් ලබාදීමට මාලිමා රජය කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
ක්‍රිඩකයෙක් නියොජ්‍ය ඇමැති වෙලා ඉන්න ගමන් මෙහෙම දෙයක් වීම ලැජ්ජයි...