IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මිනිස් හිස්කබල් හතරක් නයිවලින් හමුවේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක්  වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ ‍පොලිසිය කියයි.

වෛද්‍යවරයකුට අයත් ඉඩමක පිහිටි ගරාජයක්  බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවස සහ ඉඩම මිලදීගෙන ඇති අතර වෛද්‍යවරයා පවසා ඔහුට අයත් වෙනත් නිවසක පදිංචිව සිටින බව හෙලිවී ඇත.

මෙම ඉඩමෙහි නිවසල ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්ර‍රාම නිලධාරීවරයා සිය කාර්යාලය පවත්වාගෙන යනු ලබයි.

ග්‍රාම නිලධාරියා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත.

මෙම උරය තුළ මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් කිහිපයක් දක්නට ඇති බව පොලිසිය පවසයි.

අස්ථි කොටස් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.



අදහස් (0)

මිනිස් හිස්කබල් හතරක් නයිවලින් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site