IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැලි ලොරිය පෙරැළී රියදුරු මරුට

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ රියදුරු මියගොස් තිබූ බව හුංගම පොලිසිය පවසයි.

බුත්තල සිට මාතර දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය අද අළුයම අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි.

දීර්ඝ වේලාවක් තිස්සේ ලොරිය ධාවනය කිරීම නිසා රියදුරට නින්ද යන්නට ඇතැයි ද එම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 43 වැනි වියේ පසු මහගමගේ ඉන්දික යන අයයි.

 

 



අදහස් (1)

වැලි ලොරිය පෙරැළී රියදුරු මරුට

සෑම් Wednesday, 03 September 2025 11:05 AM

මේ ෆොටෝ එක බැලුවාම පේනවා ලොරියේ පිටිපස්සේ ඇක්සල් එකත් එක්ක රෝද සෙට් එක ගැලවිලා ගිහිල්ලා. එනිසයි අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. නැතුව රියදුරාට නින්ද ගිහිල්ලා නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site