
(අංජුල මහික වීරරත්න)
නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබා දෙන පොල් පැළ වසර පහක් යන තුරු අඛණ්ඩව අධීක්ෂණය කරමින් ආරක්ෂා කිරීම සඳහා පොල් පැළ රක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හඳුන්වා දී තිබේ.
මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 1ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 1 ක් සඳහා රු.67.50/-වන අතර රක්ෂණ ආවරණය පැළ 1 ක් සඳහා රුපියල් 550 ක් වේ.
පොල් වගා කිරීමේ මණ්ඩලයත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම්, වන අලි හානි, වන සත්ව හානි, අකුණු, පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කරනු ලැබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විවිධ වගාවන් සදහා රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වා දෙමින් වගාකරුවන්ගේ අවදානම් කළමනාකරණය කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලබන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්ච් මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල් පැළ රක්ෂණ ක්‍රමයක් එයි
Mangala Wednesday, 03 September 2025 02:34 PM
පොල් පැලේකට වන්දිය රු.500 ක් මොනවා කරන්නද? අඩුම ගානේ රු.20000 ක් දෙන්න. ක්‍රමවත්ව වගා කරලා තියෙන වත්තකට පොල් පැලයකට යන වියදම 20000 කට වඩා වැඩියි.
Lalla Wednesday, 03 September 2025 10:21 PM
කලු කුරුමිනි වසංගත තත්ත්වය නිසා පොල් පැල කිසිම ක්‍රථයකින් බේරගන්න බෑ.මහාපරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදනායතනයක ගොම ගොඩවල්වලින් මෙය පැතිරීම සිදුවන බව නොරහසක්. පොල් ක්ෂේත්‍ර නිලධාරීන් කියන කිසිම දේකට ප්‍රශ්නය විසඳන්න බැරිවුනා....
රනේ Thursday, 04 September 2025 06:05 AM
පැලයකට පළමු වසර සඳහා රු 550/- ප්‍රමාණවත්. දෙවන වසර මීට වැඩිවෙයි. හොඳ අලුත් අදහසක්.