
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
එජාප සංවත්සර උත්සවය සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට කලින් තීරණය කර තිබූ අතර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන එම දිනය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනය කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එජාප සංවත්සර උත්සවය සඳහා සියලු පක්ෂ සහභාගී වන හෙයින් එජාප මූලස්ථානයෙන් බැහැරව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සංවත්සර උත්සවය පැවැත්වීමට සාකච්ඡා කර තිබෙන බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කපාටයයි වැඩ කරන්නේ 21 වෙනකම් ඇයි කල්දාන්නේ.
අප්පට සිරි. පක්ෂේ අත හැරලා පැනලා ගිය අයත් දැන් අලියගේ පිටේ නැගලා යයි වගේ? පහුගිය කාලේ ළාමක ටින් ටින් එහෙමත් නිතරම වගේ ආවා ගියා....
ඔය එක්කම පක්ෂයෙයි නායකයාගෙයි අදාහනයත් ලැහැස්ති කරන්න... !