
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේය.
වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
එසේම, ට්‍රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවත් එය දෙරට අතර සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා ව්‍යුහගත රාමුවක් සපයනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
සංචාරයේදී ට්‍රිපොඩි මහත්මිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලියේ නියෝජ්‍ය අමාත්‍යවරියක් මෙරටට