IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෘද රෝගීන්ට දෙන එන්නතක් ගැනීම ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

(යොහාන් භාසුර)

හෘදයාබාධ ඇතිවු අවස්ථාවන්වලදී රෝගින්ට දෙන ‘ටෙනෙක්ටප්ලේස්’ (Tenecteplase) එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව වාහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය චමල් සංජීව මහතා එසේ පැවසීය.

‘ටෙනෙක්ටප්ලේස්’ එන්නත් තොගය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාලන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බවත් මෙම ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව සහ ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව සමීපව නිරීක්ෂණය කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් කර අදාළ පියවර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බවත් සංජීව මහතා කීය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයේදී ඖෂධ සමාගම් රැසක්ම ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් වැඩි මිලට ඖෂධ ගෙන්වන බවට පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර නමුත් එම සමාගම් මොනවාද සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් අසමත් වීම කණගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේ.

‘ඉමියුනොග්ලොබීන්’ ඇතුළු ඖෂධ රැසක් මෙරටට ගෙන්වීමේදී ඉතා අධික මිල පරතරයන් පවත්වාගෙන යමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සමාගම් මෙරට ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව තහවුරු වී ඇතත් ඒ සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමට මේ දක්වා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වී ඇති බව කී වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට ජනතාවගේ බදු මුදල්වලින් විශාල ප්‍රමාණයක් මේ අන්දමට සීමිත සමාගම් ප්‍රමාණයක් අතර බෙදී යෑම සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යනයක් කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

හෘද රෝගීන්ට දෙන එන්නතක් ගැනීම ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

දීනප්‍රභූ Tuesday, 02 September 2025 05:41 PM

සාධක, ලියකියවිලි එක්ක CID එකට දෙන්න. ඉස්සරට වඩා වැදගත් විදිහට වැඩේ කෙරෙයි.

:       0       2

Docs Tuesday, 02 September 2025 06:19 PM

මේවට Dobila නැද්ද උත්තර දෙන්නෙ??? අර GMOA එකට, දොස්තරලා හැමදාම බනින එවුන් මේවට මොකද කියන්නේ???

:       1       0

අරවින්ද මොණරවිල Wednesday, 03 September 2025 10:48 AM

මේ එක පිස්සෙක්, මෙයා කොතනකවත් කියන්නේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඖෂධ ආනයනය කෙරුව බවට එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොරව ඖෂධ ගෙනාව බවට ! ඒ වෙනුවට කියන්නේ ඉහල මිලකට සමාගම් ඖෂධ ගෙන්වන බවත්, සමාගම් කිහිපයක් ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවත්ය. ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා කිසිවක් නොකරන බවත්ය. වසර හතලිහක් පනහක් පමණ කාලයක් පවත්වාගෙන ආ ක්‍රමයක් එක රාත්‍රියකින් වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න හො කාගේ හරි දේශපාලන අතකොළුවක් ඉන්න හාදයෙක්ට එහෙම හිතුවට සාමාන්‍ය පුද්ගලයන් හැටියට අපිත් දන්නවා ඒක එහෙම කරන්න බැරි බව. එයාට ඒක කරන්න හදිසි නම් තියෙන්නේ සමාගමක් පටන් අරන් ඖෂධ ආනයනය කරලා අඩු මිලට ජනතාවට ඖෂධ සපයන්න කටයුතු කරන එකයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site