
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (01) ගොනු කළේය.
හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.
තරුණයකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වන දින මාධ්‍ය හමුවක් පවත්වා ගන්න තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද එහිදී හිටපු කොටි නායකයෙකු විසින් ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගන්නා ලදයි ප්‍රකාශ කරන ලද බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ගිනි අවුලවන, ජාතින් අතර බේද බින්න ඇතිකරන , වසංගතයක්. කරුනාකර මේ අපතයා බැද දමන්න
බයිලා ගහන්නේ නැතිව මිනිස්සුන්ගෙන් ගත්තු රුපියල් සීය ආපහු දීල හිටපං
ගම්මන්පිල අත් අඩංගුවට ගත්තත් නැතත් ඔහු හෙලිදරව් කරපු කරුණු ඉතා භයානකයි. ඔහු කියන්නේ සාක්කි ගොතා හෝ තමුන්ගේ හිතවත් සාක්කි කාරයෝ දාලා රණ විරුවන් අත් අඩංගුවට ගන්නවා කියලා. ඒ පිළිඹඳව සමාජය සහ පූජ්‍ය පක්ෂය දැනුවත් කිරීමට විරුද්ද පක්ෂයේ දේශපාලකයන් උනන්දු විය යුතුයි. මොකද ඒ අනුව ආණ්ඩුව අපේ හතුරන්ගේ න්‍යාය පත්‍රයකයට අනුව වැඩ කරන බවක් හැඟෙනවා.