(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නාවින්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගොස් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත ශුද්ගලන් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ පතුරම තුනක් සොයා ගෙන ඇත
ඉකුත් 6 වෙනිදින රාත්‍රී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි
අත්අඩංගුවට ගත් සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිද පුද්ගලයෙකි
බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd