
(ගයාන් සූරියආරච්චි)
ජනවාරි මාසයේ 1 වැනිදා සිට ඊයේ (28) දක්වා ගතවූ මාස 8 ට ගිනි අවි 352ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා පැවැසීය.
ඒ අනුව ටී 56 ගිනි අවි 57 ක්, එස්.එම්.ජී. 2 ක්, පිස්තෝල වර්ගයේ ගිනිඅවි 57 ක්, රිවෝල්වර් 33 ක්, රිපීටර් 5 ක්, බෝර 12 ගිනි අවි 160 ක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි 38 ක් අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් කුමාර මහතා කීය.
වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් 36 ක්, යතුරුපැදිකරුවන් 25 ක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අමතරව පහරදීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් 47 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කීය.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ සදහා ගිනි අවි ප්‍රවාහනය කිරීම, ඔත්තු බැලීම ඇතුළු විවිධ ආධාර අනුබල දුන් සැකකරුවන් 230 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් කුමාර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොහොමද මේ අයගේ අතට පත් වුණේ කියලා හොයලා බලන්න.