
(ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර)
කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ,කොබෙයිගනේ රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව.ඇත්තේ කුලියාපිටිය ,පහල ඇඹව ,පලුගස්හංදිය ප්‍රදේශයේ පදිංචි 58 වියැති ආර්.එම්.සී. රාමනායක නැමති වෛද්‍ය වරයාය.
කොබෙයිගනේ පොලීසිය ආසන්නයේ දී ,වෛද්‍ය වරයා ඉකුත් 25 රාත්‍රි 7.50 පමණ , පාර මාරු වීමට යාමේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් හිසට බරපතල තුවාල ලබා සිටියදී කොබෙයිගනේ රෝහලට ඇතුලත් කළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් අනතුරට ,එහි දැඩිසත්කාර ඒකකයේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි.වෛද්‍යතුමාට නිවන්සුව පතනවා. ලංකාවේ හැමදාම වගේ රියඅනතුරුවලින් මියයන ගණන එන්ඩ එන්ඩම වැඩී. මේවාට විසදුම් දිය යුතුයි.
උගත්කම විතරක් තිබිලා මදි. අපේ රටේ පාරේ යන්න විශේෂ දැනුමක් අවශ්‍යයි...
දෙයියනේ කුලියාපිටියට අපල කාලයක්ද? රාත්‍රි 7.50ට දිස්ත්‍රික් වෛද්‍යවරයා මොනවගේ බෙහෙතක් ගන්න ගියාද?සුවහසක් ජනතාවට සේවය කරලා නොහික්මුණු අවිනීත තිරිසන් රියදුරුන් නිසා මහපාරේ අකාලයේ මියයන රටක් වටින මිනිස්සු නේද මේ? ආණ්ඩුවේ සාපය රටවැසියන් භුක්ති විඳිනවා.
බොහෝ අය පාර මාරු වෙන්නේ... වාහන එද්දී. ඒ වාහන තමන්ට ඉඩදීලා නවත්තයි කියලා හිතාගෙන... සමහර රියදුරන් පදිකයන් මග ඇරලා යන්න උත්සාහ කරද්දී පදිකයා කලබල වෙලා... වාහනය පැත්තටම පනින වෙලාවල් තියෙනවා...