
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා(SHRI JAGAT PRAKASH NADDA) මහතා හමුවේ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල්(ANUPRIYA PATEL) මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල, ඖෂධ සැපයීමේ වැඩපිළිවෙල, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙල සහ නවීන තාක්ෂණික උපකරණ සෞඛ්‍ය සේවාව සඳහා ලබා ගැනීම යන ප්‍රධාන කරුණු පිළිබඳව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී දීර්ඝව සාකච්ඡා කළහ.
මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ සහ උසස් කිරීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම සංචාරයේදී නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දු - ලංකා සුව ඇමැති හමුවක්