
(විමුක්ති එස් රුද්‍රිගු)
නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් කැමති සමාගමකට අනියුක්ත විය නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල පනත යටතේ ආරම්භ කරන නව සමාගම් හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්ය.
නව සමාගම් හතර රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන යම් සේවකයකු එම සේවකයා අනියුක්ත කර ඇති සමාගමට යාමට කැමැත්තක් නොමැති නම් ඔහුට හෝ ඇයට වන්දි සහිතව විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතින බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
සේවකයින්ට තීරණයක් ගැනීමට මාස 2 ක කාලයක් තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් කළොත් ඔවුන් හොඳින් වැඩ කරයි, එසේ නොවුවහොත් මෙම රජයේ සේවකයින් කිසි විටෙකත් ඔවුන්ගේ යුතුකම ඉටු නොකරනු ඇත
හරි, ඔන්න එහෙනම් රනිල් ලොක්ක ප්ලෑන් කරපු දේ අපි කලා. ඊලඟට තියෙන්නේ හිමීට කොම්පැනි හතරට ආයෝජකයෝ කැඳවන එක.
අර විදුලිය බල මණ්ඩලේ අයිතිකාර මහත්තුරු සද්දයක් නැහැනේ. ගිය ආණ්ඩු කාලේ මෙහෙම කරන්න ගියාම වර්ජන කරලා ඒවා කඩාකප්පල් කරලා දැම්මානේ, දැන් නිකම් ගලේ පැහැරපු බළල්ලු වගේ ඉන්නේ..
මාර වැඩේ ජෙප්පන්ට උනේ. හොඳම හොඳ වැඩේ. ලංවිම විකුණනවා කියලා ගිය ආණ්ඩුවට විරුද්ධ වෙලා මාලිමාවට කඩේ ගිය අයට හොඳම දඬුවම ලැබෙන්නේ එයාලගේම ආණ්ඩුවෙන්.