IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්

( බිමල් ශ්‍යාමන්    ජයසිංහ )

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම්  89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50  කු  පමණ තුවාල ලබා ඇත .

ඊයේ  (27) රාත්‍රී පානදුර දකුණ පොලිස් වසමින් සිදු වූ වෙඩි තැබීමත් සමඟම පානදුර පොලිස් කොට්ඨාසයෙන් මෙම වසරේ මේ දක්වා  පානදුර දකුණ , හිරණ , පින්වත්ත සහ

බණ්ඩාරගම යන පොලිස් වසම් වලින් වෙඩිතැබීම් 07 ක් වාර්තා  වී පුද්ගල මරණ 3 ක් සිදු වී ඇත.

එම වෙඩි තැබීම් හතෙන්  පහක් කුඩු සළිඳු පාර්සය විසින් නිලංග පාර්ශ්වය වෙත එල්ල කර ඇති අතර එමගින් පුද්ගල මරණ තුනක් සිදුව ඇත. නිලංගගේ පාර්ෂය විසින් කුඩු සලදු පාර්ශවයට වෙඩි තැබීම් දෙකක් සිදු කර ඇත.

27 රාත්‍රී  කුඩු සළිඳුගේ පාර්ශවය විසින් ඝාතනයට ලක් කරන ලද්දේ ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී පොලිස් අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩුනිලංක කේ මාමණ්ඩියයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් පානදුර කුඩු සළිඳු , පානදුර නිලංක ,   බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ,  ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නැමැත්තාගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි

 



අදහස් (1)

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්

බකල ජයා Thursday, 28 August 2025 06:28 PM

වසර අවසානයේ ටාර්ගට් එක 154 යි. 150ක් තිබුණොත් ඇති.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site