
(නිමල කොඩිතුවක්කු)
ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ.
සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන්න බෑ අප්පා මේ අය නම්...
ඇත්තටම මේක මහ මෝඩ වැඩක්... පුද්ගලික බස් කියන්නේ හරිම කාලකණ්ණි කොටසක්... ඒත් ලංගම තාමත් ඒක කරන්නේ සේවාවක් විදිහකට පිළිවෙළකට මිනිස්සු වගේ... මුලින්ම කරන්න ඕනේ පුද්ගලික අංශයේ... අයව ආයෙත් පාසල් යවන එක. මේකෙන් ජනතාව තවත් අමාරුවේ වැටෙයි.
paneer ලංගම බස් කොට කොට යනවා දැකලා නැද්ද? දෙගොල්ලම එකයි කිසිම විනයක් නෑ... බස් හෝල්ට් ඇර අනිත් හැම තැනකම නවත්තනවා පොලිසිය අහක බලන් ඉන්නවා කවුරු හරි හොඳ වැඩක් කරන කොට ස්ට්‍රයික් කරනවා කාට කියන්නද? මට නම් හිතෙන්නේ ටික කාලෙකට හරි වැඩවර්ජන තහනම් කළයුතුයි කියලයි.
මේක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ජනතාවට ලඟමද, පුද්ගලික ද වැඩක් නෑ. දෙකම එකතු කරලා එක බස් සේවයක් අවශ්‍යයි. පුද්ගලික බස් හඳුන්වා දීමේදී මේවා සැලකිල්ලට ගන්න තිබුණා. දැන්වත් මේවා කළ යුතුයි.
පුද්ගලික බස් කාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. කිසිම චාරයක් නැති අය.. ලන්ගමයෙන් හොද සේවයක් ජනතාවට ලබාදිය යුතූයි.
බෑ බෑ බෑ කියගත්තු ගමන් ඉන්න රටේ ලේසි නෑ වෙනසක් අත් හදා බලන්න වත්....හැබැයි මේ පාර ඔය එකෙක්වත් යටවෙන්නේ නැතුව කරන්න ඕනෑ දේ අම්මා මුත්තා එරෙහි වුනත් කරන්න...