IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි  සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ පස්වරුවේ (27) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.

පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කෙරෙන  බවද සභාපතිවරයා පවසයි.

මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  නීතිඥ  හර්ෂන නානායක්කාර මහතා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත  මෙම විද්වත් කමිටුව පත් කළේය.

නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.



අදහස් (0)

නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site