
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
ඒ අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ මත්කුඩු කිලෝ 4 ග්‍රෑම් 302 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ සංඝරාජ වටරවුම අසලදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 206 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පදිංචි අංගොඩ අවිස්සාවේල්ල පාරේ සිරි නිවාස පාර නිවස වටලා සිදුකළ පරික්ෂා කිරීමේදී පාර්සල් හතරක අඩංගු හොරයින් මත්කුඩු ගෑම් 3784 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු හොරයින් මත්කුඩු ගෑම් 106 ක් සමග කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය පදිංච නිවසේදී අත්අඩංගුවට එකත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරිකයින් අනාවරණ වූ තවත් තොරතුරක් මත කෙසෙල් වත්ත පිර්සයිබු වීදිය පදිංචි පුද්ගලයකුත් කෙසෙල් වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී හොරයින් මත්කුඩු ගෑම් 206 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.
මෙම ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුද හොරයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාළිගාවත්ත සංඝරාජ වටරවමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන්කරයි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු