
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතන 457 ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මෙහි මූලික පියවර ලෙස එම ආයතන 457 ට අදාළ විගණන වාර්තා කඩිනමින් කැඳවීමට කටයුතු කරන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
පසුගිය කාලයේදී කෝප් කමිටුව හමුවට කැඳවා විමර්ශන කර ඇත්තේ ආයතන සීමිත ප්‍රමාණයක් පමණක් බවත් සමහර ආයතන එහිදී මගහැරී ඇතැයි පෙනී යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දූෂණ වංචා සහ ක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවී ඇති ආයතන හඳුනාගෙන එම ආයතන ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා විමර්ශන කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ සමරවීර අනතුරුව ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු වාර්තා නීති අංශ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’කෝප්’’ හොරු සොයා ඔෆිස් 457 ක් පීරයි