IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි

(කුෂාන් ජයවර්ධන)

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.   

කුකුල්කටුව වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර සිදුකළ ක්ෂණික වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කිසියම් පිරිසක් ගැබ්බර මුව දෙනක මරා දමා මස් කිරීමට සූදානම් වන බවට මුර සංචාරයේ නිරතව සිටි වනජීවි නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්ෂණිකව එම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණ.

වනජීවි නිලධාරීන් ක්ෂණිකව සිදු කළ එම වැටලීමේදී සිද්දියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ.වැටලීම සිදුවන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවකු වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පළා ගොස් තිබේ.

 



අදහස් (1)

ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි

fairoos Thursday, 28 August 2025 01:13 PM

මේ අයගෙන් නම් ගම් ප්‍රසිද්ධ කරන්න...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site