
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ තවදුරටත් රැඳී සිටිනවාද පිටව යනවාද යන්න ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ තීරණය මත සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තියාගන්නේ ICU ඇඳක. තව ඇත්ත ලෙඩෙකුට තියෙන අවස්ථාවක නේද මේ... ලෙඩක් නැත්නම් යවන්න මහඋළු ගෙදරට...
දැන් ගිහින් සුපුරුදු වැඩ පටන් ගන්ඩ බැරියෑ. අසනීප කොයිතරම් තිබුණත් අවුලක් නෑ මොලේ තිබුනොත් මදෑ? ඔය තරම් ලෙඩ කන්දරාවක් තියෙන බව දින කීපයක් ඇතුළත ලෝකෙටම හෙළිකරපු බෙල්ලන මහතා අදහන්නම වටිනවා.
මෙයා කොහොමද රනිල්ගේ පවුලේ අයට ඕන විදිහට ඉස්පිරිතාලේ ඉන්න දෙන්නේ. ඉස්පිරිතාලේ මේ අයගේ හෝටලය නොවේනේ... මේ ප්‍රකාශයම ඇති මෙයාව ගෙදර යවන්න. රනිල් බලෙන් ඉන්නවා කියන්නේ තව ලෙඩෙක්ට තියන ඉඩ නැති වෙන එක...
දැන් ඉස්පිරිතාලෙකින් ටිකට් කපනවාද නැද්ද කියලා ලෙඩාද තීරණය කරන්න ඕනෑ?
මෙයා අරුම-පුදුම දොස්තර කෙනෙක්නේ. රනිල් ඉන්නේ මෙයා භාරව ඉන්න අංශයකත් නෙමෙයි, ඒත් උදේ-සවස නිකුත්කරන මාධ්‍ය නිවේදන වල නම් අඩුවක් නැහැ. ඒ මදිවට මෙයා කොහොමද කියන්නේ රනිල්ගේ හෝ පවුලේ අයගේ තීරණයමත රෝහලේ ඉන්නවාද, නැත්නම් ගෙදර යනවද කියලා? එතකොට රෝගියාද, රෝහලේ ඉන්න එක හෝ ටිකට් කපාගෙන ගෙදර යන එක තීරණය කරන්න ඕනෑ? මේ වාගේ කොන්දොස්තරලාගෙන් හතුරෙකුටවත් ප්‍රථිකාර ගන්න නොලැබේවා...!!!
එහෙම තමයි, සුවවුණත් ICU ඇඳක ඉඳගෙන තවත් අසරණ රෝගියෙක්ට කෙළවනකල් නිද්ද යන්නේ නෑ. රාජ්‍ය පාලනයේ ඉන්දැද්දී ජනතාවට කෙලෙව්වා, ඕක නතර වෙන්නේ 2048 දී තමයි. ඇයි මොකද?
බෙල්ලනෑ දන්නවා... එයාගේ බොසාට අමාරුද නැද්ද කියලා මොකද නැත්නම් බොසා කට ඇරියොත් එයාගේ බෙල්ල නෑ...