IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)

සිසුවියන් දෙදෙනකු  ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද  නියම කළේය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ මූදුකටුව මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ වර්ණකුලසූරිය සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නැමැති 23 හැවිරිදි අයෙකි.

බී වාර්තාවක් මගින්  සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙය දැඩි නොසැලකිලිමත් රියධාවනය නිසා සිදු වූ අනතුරක් බවයි.

සැකකරු අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ බැලූ බැල්මට මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවක් නොපෙණුන ද  වැඩිදුර පරික්ෂණයක් සඳහා සැකකරුගේ ලේ හා මුත්‍ර සාම්පල් ලබාගත් බවපොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

එහිදී පොලිසිය කියා සිටියේ සැකකරු පැය 24ක් නොනිඳා සේවය කර ඇති බව අනාවරණය වූ බවත් අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු එම අනතුර වලක්වාගන්නට දැඩි උත්සහයක් ගෙන ඇති බවත් අධිකරණයේදී කියැවිණි.

තද තිරිංග සලකුණ හා පාලමේ වැටටම හේත්තු කර නවතාගන තිබීමෙන් එය තහවුරු වූ බවයි.

 

 



අදහස් (1)

කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ්

පිස්සු යකෙක් Thursday, 28 August 2025 05:03 PM

මීනීමැරුම් චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා ඇතුළට දාන්න ඕනෑ . නැත්නම් ඕකෙන් එළියට ඇවිල්ලා ඔයිටත් වඩා අපරාධයක් කරනවා. එතකොට අනික් අය නිකම්ම හැදෙන්නේ බයට...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site