හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍යස්ථානය අසලදී අත් අඩංගුවට ගෙන තිබේ. 06 May 2025
කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. 06 May 2025
ජනපති දිවයිනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 06 May 2025
වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 May 2025
පුතාගේ ආයුධ පහරින් පියා මරුට ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි. 06 May 2025
ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 06 May 2025
සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි. 06 May 2025
කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . 06 May 2025
පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. 06 May 2025
බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක් බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය හොංකොංහි සදබි වෙන්දෙසි සමාගම් කාර්යාලය වෙත නීතිමය ලිපියක් ඊයේ(05) යවා ඇත. 06 May 2025
කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 06 May 2025
ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 06 May 2025
කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක් කළා යැයි කියන සිදුවීමට අදාළව විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ සේවය අත්හිටුවමින් ඊයේ(05) දිනසිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 06 May 2025
තැන තැන මැතිවරණ උණුසුම මෙවර පළාත් පාලන මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම අද (06) උදෑසන 7.00 ට ආරම්භ කෙරෙිණි. 06 May 2025
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 May 2025
සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක් සිසුවෙකු අද (06) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 06 May 2025
ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත. 06 May 2025
‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘ නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 06 May 2025
අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන් පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැවැත්වෙන අද (06) දින පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය. 06 May 2025
’’ඡන්ද පොළේ රංචු එපා’’ ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 May 2025
මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි. 05 May 2025
හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන් වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී හෙට (6)වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරයි. 05 May 2025
ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම් ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්විය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 May 2025
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. 05 May 2025
වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක් වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 May 2025
දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 05 May 2025
සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි. 05 May 2025
අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට සැකකරන බවත් සිද්ධිය පිළිබඳව ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 May 2025
කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි. 05 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026