හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය. 06 May 2025
ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය. 06 May 2025
අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය. 06 May 2025
හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය. 06 May 2025
හපුතලේ නගර සභාව ස්වාධීන පක්ෂයකට ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය. 06 May 2025
තංගල්ල නගර සභාව ජාජබට ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය. 06 May 2025
ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කකරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (6) පස්වරුවේ පැවසීය. 06 May 2025
කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 06 May 2025
ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ප්‍රජාවට ඇරැයුම් කළේය. 06 May 2025
තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. 06 May 2025
ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 06 May 2025
රනිල් යළි ඉන්දියාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි. 06 May 2025
අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා අතර හමුවක් අද (6) පැවැත්විණි. 06 May 2025
ගාල්ලේ සියයට 63යි ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය. 06 May 2025
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති 2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 06 May 2025
අග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්‍රකාශ කළාය. 06 May 2025
රනිල් ඡන්දය ප්‍රකාශ කරයි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය. 06 May 2025
විපක්ෂ නායක ඡන්දය ප්‍රකාශ කරයි පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (06) සිදු කරන ලදී. 06 May 2025
ඡන්ද විමසීම අවසන් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය. 06 May 2025
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය . 06 May 2025
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 06 May 2025
සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා? සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 06 May 2025
බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ. 06 May 2025
දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 May 2025
අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (06) නියෝග කළේය. 06 May 2025
ආදිවාසීන්ට පොරව ගේන්න අවසර ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත. 06 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026