පොල්කටු අස්සේ නයා දැක පරණ බඩු ලොරිය ඉගිල්ලිලා
ඉවතලන යකඩ බඩු, පොල් කටු හා පරණ පත්තර ආදිය එකතු කිරීමෙහි යෙදී සිටි පිරිසක් පොල් කටු ගෝනියක් තුළ සිටි නයකු දැක මහත්සේ බියට පත්ව, බඩු එකතු කිරීම ද පසෙක තබා, පැමිණි වාහනයෙන් වහා පිටව යාමේ පුවතක් අඟුරුවැල්ල නගරයට නුදුරින් පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.
යකඩ ඇතුළු ඉවතලන පරණ බඩු එකතු කිරීම සඳහා තිදෙනකුගෙන් සමන්විත මෙම පිරිස සති දෙකකට පමණ වරක් මෙම ගම්මානයට ද පැමිණීම පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇත. ප්රධාන පාරෙන් අතුරු පාරක් දිගේ ගමන් කළ විට හමු වන මෙකී