IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
මිනිහා අමද්‍යපය. ඇල් වතුරත් නිවලා බොන හාදයෙකි. සැර බීම බොන්න තියා කටටවත් නොගන්නා අයෙකි. බොන මිතුරන්ද ඇසුරු කරන්නේ ද බොහෝම පරිස්සමටය. මිතුරන් බොන තැනට ගියත් කට ගැස්ම යහමින් ගත්තත් බිව් වීදුරුවකවත් සැන්ඩි ටිකක්වත් නොබොන්නේ බීමට ඇති අප්‍රියාව නිසාමය.
අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් පාටියක් සංවිධානය කර තිබුණේ සමාගමකිනි. මිනිහාටද මේ සඳහා ඇරයුම් ලැබිණ. රජ මැදුරක ආරාධනාවට ගියත් බොහෝම චාමෙට යන මිනිහා මේ උත්සවයටද ගියේ චාමෙටය. සරලවය. ඒ ඔහුගේ හැටිය.
මේ අලු‍ත් අවුරුදු පාටියට ගොස් ඔහු වාඩිවූ මේසයට පලතුරුවලින් සෑදූ ජූස් වර්ග කිහිපයක්ම සේවකයෝ රැගෙන ආහ. මිනිහාගේ හිත ගියේ පැණි කොමඩු ජූස් එකටය. බීම බටයකින් පැණි කොමඩු ජූස් එක තොලගාන ඔහුට පොඩි තිත්ත රසක්ද ආවේය.
එයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ ඔහු එම ජූස් එක එක පිම්මේ පානය කළේ අලජ්ජකමට නම් නොවේ. පිපාසයටය. එම පානයෙන් අමුතුම ආශ්වාදයක් ලැබූ කතා නායකයා තවත් පැණි කොමඩු ජූස් එකක් පානය කළේය. ඒ වෙනුවෙන් තිබූ කටට රසට සාදා තිබූ කුකුළු මස් සහ සොසේජස් පීරිසි දෙක තුනක්ම ඔහු ඇද බෑවේද අලජ්ජකමට නම් නොවේ. විනෝදයටය.
ගතවූවේ ටික වේලාවකි. පළමු වරට තමා වටා ලෝකය භ්‍රමණය වන බව ඔහුට දැනුනේය. ඇස්වලින් තරු කැට කඩා හැලෙන බවද ඔහුට දැනුනේද පළමු වරටය. කාපු කුකුළු මස් සහ සොසේජස් ඔහුගේ කුසයේ සිටීමට බැරි බව දැන්වූවාක් මෙන් ඔහු ඒවා පිටතට දැමූවේ පිටට යාමටවත් තරම් කාලයක් නොවූ හෙයිනි. ඔහුගේ හැදිච්ච, සිල්වත්කම ගැන එක එක්කෙනාට එතනදී ඇතිවූවේ ලොකු ප්‍රශ්නයකි. ඔහුගේ වමනයේ සුවඳ දැනී ඇතැම් අයද වමනය කළේ මේ හාදයාට දෙහි කපමිනි.
මිනිහා දැන් දොයිය. දොඩවන්නේ විකාරය. හිනා යන කතාය. පියවි සිහිය එන විට පාටියේ හුඟ හරිය ගොස්ය. මිනිහට හොඳටම ලැජ්ජාය. තමා පානය කළ පැණි කොමඩු බීම ගැන සොයා බැලීමට සිත්වූවේ මේ සියලු‍දේම වූවේ එය පානය කිරීමෙන් නිසාය. මේ පැණි කොමඩු ජූස් එකට සැර බීම ජාතියක් කවලම් කර ඇති බව සංවිධායකයන් කීවිට ඔහුට තුන් මුහුණින් දහඩිය දැමූවේය. දැන් වෙන්න ඕනදේ වෙලාය. තවමත් මත් ගතිය ඇති බැවින් ඔහු සිය නිවසට යතුරු පැදියෙන් යන්නේ කොහෝමදැයි සිත සිතා සිටින විට මේ අවුරුදු පාටිය සංවිධානය කළ ආයතනයේ පිහිටෙන් ඔහු නිවසට ගියාලු‍. මීයෙක් රා බීලා යයි භාර්යාව ඔහුට ඇසෙන සේ කීවේ වෙනදාට වඩා ඔහුගේ හැසිරීමේ අමුත්තක් දුටු නිසාමය.



අදහස් (1)

අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා

vernon Thursday, 17 April 2025 09:28 AM

මෙතැන සංවිධායකයින් අත වැ‍රැද්දක් තියෙනවා. කොමඩු ජූස් වලට මත්පැන් මිශ්‍ර කරලා නම් ඒ බව පෙර දැනුම් දෙන්න තිබ්බා. ඇතැම් හෝටල්වලත් ආහාර නිර්මාංශිකද නැද්ද කියා සලකුණු කරලා තිබෙනවා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site