
ගමේ ගොවි මහතුන් එකතුවන ගොවි සංවිධානයේ රැස්වීමක් දැනගන්නට ලැබුණේ රජරට පළාතෙන් ගොවීන්ට ඇති අඩුපාඩු අතර පොහොර, බිත්තර වී, ජල යෝජනා ක්‍රම ගැන කතා විය. වල් පැළෑටි ගැනද සමහරු පවසන්නට විය. වල් පැළ නිසා අස්වනු අඩු බවත් වල් නාශකවලට ද මේවා මර්දනය නොවීම ගැන ද නිලධාරීන්ට පැවැසීය.
මේ අතර සිටි එක් ගොවි මහතෙකු පැවසුවේ කුඩුකේඩු නිසා තමාගේ කුඹුර හොඳටම නිසරු වූ බවයි. මේ ප්‍රදේශවල ගොවින් ‘කුඩුකේඩු’ යනුවෙන් හඳුන්වන්නේ ‘ගොජරවාලු කියන වල්පැළටවලයි. මෙය කන වැකුණු මහලු ගොවි මහතකු නැගී සිට, ඒකනම් ඇත්ත බං සංවර්ධන මහත්තයටත් දැනගන්න මම මේ කියන්නෙ. කුඩුකේඩුකම් කරන එවුන් කුඹුරුවලට විතරක් නොවෙයි අපේ ගම පුරාම ඉන්නවා.
එවුන් වඳකරන්න අපිට තියා සක්කරයටවත් බෑ.
එකෙක් කනවට අනිකා කැමති නෑ. මගෙ වැට මායිමේ තියෙන කොස්ගහ කපා ගත්ත මස්සිනා. ඒක උගෙ කියලා ඔන්න ඕකයි මහත්තයො අපේ ගම්වල හැටි.
මොනවද අත්තෙ මේ කියන බහු භූත කතා. ඔයා කියන කුඩු කේඩු ගැන නොවෙයි මෙතක කතා වුණේ. වල් පැළ ජාතියක් ගැන තරුණ ගොවියෙක් ඉදිරියට පැන වේගයෙන් පවසන්නට විය. මහලු ගොවි මහතාගේ කතාව නිසා මුළු සභාවම සිනා සයුරක ගිලුන අතර ඔහු දකින විට තරුණ පිරිස පවසන්නේ ‘‘අද සැම තැනම කුඩුකේඩු නේද අත්තේ’’ යනුවෙනි. එවිට හොඳ හොඳ වචන පිටවෙන සැටි අපූරුය.
නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩුකේඩු මාරු වී පටි රෝල්