IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මෝඩයාගේ දින දා ඇදගෙන නාලා


මොරගොල්ලාගම සිසිර කැලේගම



මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ.
එය ඇසෙන්නේ ඇතුගල්පුරවරියට අයත් අවට ගම් පෙදෙසකිනි. 
සිද්ධිය මෙසේය.
මව් පිය යුවළ වාසය කරන මුල් නිවස ඇතුගල අවට පිහිටා ඇත. එම නිවසේ උපන් දරුවන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාම විවාහ වී සිටින අතර ඔවුනට ද දරුවෝ සිටිති. 
බාල දියණිය විවාහ වී සිටින්නේ රජරට පුරවරයේය. ඇයගේ සැමියා ආරක්ෂක සේවයේය. මේ නිසා ගෘහණියක වූ ඇය බාල වයස්කාර දරුවන් රැක බලාගෙන එම නිවසේ පසුවූවාය. අනෙක් සොයුරිය හා වැඩිමල් සොයුරා මුල් නිවස ආසන්නයේ වෙනම පදිංචිව වාසය කරති. 
වෙන්ව සිටියත් පවුලේ සොයුරු බැඳියාව දුරස් වී නැත.


අප්‍රේල් 01 දා උදේම රජරට පුරවරයේ පදිංචිව සිටින බඩපිස්සිය ගෙදරට දුරකතන ඇමතුමක් දුන්නාය. ඒ ඇමතුමට සම්බන්ධ වෙන කාට හෝ මෝඩයාගේ දිනයේ දී ගිනි ගෙඩියක් දීමටය. එලෙස ගත් දුරකතනය ඇමතුවේ අවට නිවසක සිටින ඇයගේ වැඩිමල් සහෝදරයාය.
“අයියේ, අපේ මහත්තයාගේ අම්මාට ගොඩක් අමාරුයි මම අම්මා ගාව අනුරාධපුර රෝහලේ දැඩි සත්කාරයේ ඉන්නේ. පුළුවන් නම් ගෙදර පොඩි වුන්ට මොකද කියලා ඇවිත් බලන්න. මහත්තයාට එන්නත් නිවාඩු නෑලු‍’ ඇය ඉල්ලීමක් කළාය.
“අනේ නංගි, මං කොහොම එන්නද අපෙත් තාත්තාට ඊයේ (31) රෑ අමාරු වුණා. සුවසැරිය ගිලන් රථයෙන් ගෙනැත් තමයි තාත්තා රෝහලට දැම්මේ තාත්තටත් හාට් එකක් වාගේ තමයි අනූ නවයෙන් ජීවිතය බේරුණා කියලා දොස්තරලා කීවා තාත්තාට කිසිම සිහියක් නෑ මම තමයි තාත්තා ගාව ඉන්නේ’ ඔහුත් කීවේය.
කාලයේ හෝරා කීපයක් ගත වෙද්දී රජරට සිටි ඇය කුරුණෑගල රෝහල කරා පැමිණියාය. රෝගීන් බලන වේලාව එන තෙක් පිටත රැඳී සිටි ඇය සොයුරාට ඇමතුමක් ගත්තාය.
“හෙලෝ දුවේ, අයියා ටවුමට ගියා. ඇයි මොකද කරදරයක් ද” තාත්තා පිළිතුරු දුන්නේ ය. දියණිය අන්ද මන්ද වූවාය. මරණාසන්නව යැයි කියූ පියා නිරෝගී සුවයෙන්ය. ඇයට වැටහුණාය.
“නෑ නිකම් ගත්තේ, තාත්තා හොඳින් ද” ඇයත් ඇසුවා ය. “ඔව් දුවේ මම හොදින්” තාත්තා පිළිතුරු දුන්නේය.
සංවාදය විසන්ධි කළ ඇය “මෝඩයාගේ දිනයේ දි අයියා මට්ටු කරන්න ගිය මට හොඳ තුරුම්බුවක් අයියා දී ඇති බව” වටහා ගත්තාය. ඇය මුල් නිවස ඉසව්වටම පැමිණ සිටී. එහෙත් වෙච්ච ලැජ්ජාව අකාමකා දමන්නට ඇය එහි නොගොස් කුරුණෑගල රෝහලේ සිට රජරට පිහිටි ඇගේ නිවහන කරා පියමැන්නේ “නුඹ නාඩන් නුඹට ඔව්ව හොඳ පාඩම්” යනුවෙන් තමාටම කියා ගනිමිනි ලු‍.

 



අදහස් (0)

මෝඩයාගේ දින දා ඇදගෙන නාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site