රක්වාන-ඩබ්ලිව්.ඒ. සිරිසේන
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සිටීමේ සිදුවීමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තරමක දුෂ්කර ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පසුගියදා පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නව යොවුන් වයසේ පසු වූ තරුණියක නිවසේ කාලය ගෙවමින් සිටින අතරතුර ඇයට භූත දෝෂයක් ආරූඪ වූ බව පවසා කලබල කරන්නට පටන් ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් නිවැසියන් ද කලබලයට පත්ව ඇත. මෙම සිද්ධියට සම්බන්ධ නිවැසියෝ දැඩි ලෙස යන්ත්‍ර මන්ත්‍ර, බලි තෝවිල් විශ්වාස කරති. පසුගිය කාලයේ ද මෙම නිවසේ යකැදුරන් විසින් මෙවැනි ශාන්තිකර්ම නිතර නිතර පවත්වා ඇත.
සිය දියණියට මළගිය ඥාතියකු ආරූඪ වූ බවට දැඩිව විශ්වාස කළ නිවැසියන් යකැදුරන් ගෙන්වා තරුණියට තොවිලයක් කිරීමට තීරණය කර තමන්ට හිතවත් යකැදුරන් පිරිස ගෙන්වා තොවිලයක් පවත්වා ඇති අතර එහිදී යකැදුරා දුම්මල තට්ටුව ගෙන ශාන්තිකර්මය පවත්වන අතරතුර මළ පෙරේතයකු ආරූඪ වූ බව පැවසූ තරුණිය නොතේරෙන භාෂාවකින් යමක් පවසා යටිගිරියෙන් කෑ ගසන්නට වී ඇත.
ඒ මොහොතේ තොවිලය නැරඹීමට පැමිණි අය ද කලබලයට හා බියට පත්ව ඇත.
එහිදී යකැදුරා දැඩි වෙහෙසක් ගෙන තරුණිය පාලනය කර ගැනීමට උත්සාහ කරද්දී නැවත වරක් තරුණිය බිම පෙරළි පෙරළී සිය වැඩිමහල් සහෝදරයා දෙස බලා මහා හයියෙන් හඬ නගා කෑ ගසා යමක් පවසා ඇති අතර තරුණිය පැවැසූ දේ දැන ගැනීමට යකැදුරා ඇය සමීපයට ගොස් ඇත. එහිදී තරුණිය නැවත වරක් කෑගසා පවසා ඇත්තේ සිය සමාජ ජාලා ගිණුම ඇති ජංගම දුරකතනය සිය සහෝදරයාගෙන් ඉල්ලා දෙන ලෙසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
A Spirited Spirit. Sunday, 13 April 2025 04:10 AM
අද කාලේ ආත්මයන්ට පවා ස්මාර්ට් ෆෝන් අවශ්‍යයි.
ගුණරත්න Sunday, 13 April 2025 07:48 AM
පොඩි එකා ජාතික ජන බලවේගයට බන්දන්න, කපටිකම් කිරීමෙන් උපරිම හැකියාවක් පෙන්වල තිබෙනවා, ජාතික ජන බලවේගයට එවැනි කපටින් බොරුකාරයන් අවශ්‍යයි