රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්පැන් තොල ගෑ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබිණි.
හරිහැටි ආදායම් මාර්ගයක් නොමැතිව සිටි මෙම තරුණයෝ අවුරුදු උදාවන විට අරක්කු ටිකක් බීමට මුදල් නොමැතිව දැඩි ගැටලුවකට මුහුණ පා සිටියහ. එහිදී ඒ පිළිබඳව දහඅතේ කල්පනා කරමින් සිටි ඔවුන්ගේ මතකයට ආවේ ගමේ ගැහැනුන් පිරිසක් දින කීපයක සිට එකතු වී පවත්වාගෙන යන බූරුපොළය.
වැඩිහිටි කාන්තාවක මුල්වී ආරම්භ කර තිබූ මෙම බූරුපොළට අහල පහළ ගැහැනු කීප දෙනෙකුම සහභාගි වූයේ ඇඳිරි වැටීගෙන එන හවස් යාමයේදීය. තම සැමියන් මත්පැන් බොමින් සතුටු සාමීචියේ යෙදෙන අතරතුර රාත්‍රි ආහාර කල් ඇතිව උයාපිහා නිමකළ ඔවුන් අනතුරුව ගියේ බූරුපොළටය.
මේ අතර කතිකා කරගත් පරිදි තරුණ පිරිසෙන් දෙදෙනෙකු අල්ලපු ගමේ විශ්‍රාම ගොස් සිටි තැපැල්කරුවන් දෙදෙනකු හමුවී ඔවුන්ගේ නිල ඇඳුම්ද රැගෙන ආවේ පොලිස් පාට් එකක් රඟදැක්වීමේ අරමුණද ඇතිවය.
පොලු දෙකක්ද අතින් ගත් ඔවුන් කළුවර වැටී තිබූ වේලාවේ බූරුපොළට කඩා පනින ලද්දේ දුවන්න එපා අපි පොලිසියෙන් යයි පවසමිනි. එවෙලෙහි සියල්ල අමතකව ගිය ගැහැනු පොලිසියෙන් බේරීම සඳහා හති දමමින් කළුවරේම හිස හැරුණ අත දිව ගියහ.
ඒ අල්ල පනල්ලේ බූරුපොළේ තිබූ මුදල් ටික එකතු කරගත් තරුණයන් දෙදෙනා අනතුරුව නගරයේ තැබෑරුමට ගොස් අරක්කු බෝතල් දෙක තුනක්ම රැගෙන විත් අනෙකුත් මිතුරන්ද සමග පදමද ඉක්මවා යමින් සිත්සේ අරක්කු බී ජොලියක් දමා ඇත.
එකී සිදුවීමෙන් පසු එයට සම්බන්ධ වූ තරුණයෙකු සිය මිතුරෙකුට පවසා ඇත්තේ මෙකී සිද්ධිය මේ වනතුරුත් ගමේ කිසිවෙකු නොදන්නා බවය. ඒ හා සමගම තමාද අනෙකුත් මිතුරන්ද සමග ඒ අයුරින්ම හැසිරෙන බවය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
ගුණරත්න Saturday, 19 April 2025 09:35 PM
මේවා නම් මාළිමවට ඡන්දය දුන්නු උන් කරන වැඩ,