IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගැරඬි හැවකට යකා නටලා


කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි



සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමින් ගෙවත්තේ ඒ මේ අත දිවගිය පුවතක් සාලියවැව ප්‍රදේශයට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
වාර්තා වූ අන්දමට මැදිවියේ අයකු වූ අදාළ පුද්ගලයා තිදරු පියකු වන අතර වෘත්තියෙන් සුළු ව්‍යාපාරිකයෙකි. අඩුපාඩු එමට ඇති නිතර ලෙඩ දෙන පරණ මෝටර් රථයකද හිමිකරුවකු වන මොහු අඩුපාඩු කොතෙක් තිබුණද දුරබැහැර නොවන තම පවුලේ විශේෂ ගමන් බිමන් සඳහා යොදා ගන්නේ මෙම මෝටර් රථය බවද කියයි.
ඒ අනුව මෙවර සිංහල දෙමළ අලු‍ත් අවුරුදු උදාව ලැබූ ඉකුත් 14 වැනිදා සුපුරුදු පරිදි සිය බිරිය හා දරුවන් සමග පළමුව තමන්ගේ මවුපියන්ට තෑගි බෝග දී වැඳ නමස්කාර කිරීම සඳහා කිලෝමීටරයක පමණ දුරින් පිහිටි සිය මහගෙදරට යාමට සූදානම් වී ඇත. ඒ සඳහා අවශ්‍ය කරන දෑ මෙන්ම දරුවන්ද බිරිය විසින් නිවස තුළ සූදානම් කරන අතරේ ව්‍යාපාරිකයා ද ගෙමිදුලේ කෙළවරක ගසක් යට නවතා තිබූ සිය මෝටර් රථයද අදාළ ගමනට සූදානම් කිරීම සඳහා එහි යතුරද රැගෙන ඒ වෙත ගොස් ඇති බවද කියයි.


එසේ මෝටර් රථය වෙත ගිය ව්‍යාපාරිකයා රියැදුරු අසුන පැත්තේ දොර විවෘත කරනවාත් සමග එහි අසුන මත තිබූ ගැරඬි හැවක් දැක එය සර්පයකු යැයි සිතා මෙසේ බියට පත්වී කෑකෝ ගසමින් සර්පයා මරා දැමීමට පොල්ලක් සොයා ගෙවත්තේ ඒ මේ අත දිව ගොස් ඇති බවද කියයි.
ව්‍යාපාරිකයාගේ කෑගැසීමෙන් ඔහුගේ බිරියද මෙහිදී කලබලයට පත්වී ඇති අතර ඒ අනුව වහාම නිවසින් පිටතට පැමිණ ඇති ඇය “මොකද වුණේ” යැයි ඒ වනවිටත් ගෙවත්ත කෙළවරේ සිට පොල්ලක්ද රැගෙන මෝටර් රථය දෙසට වේගයෙන් යන සිය සැමියාගෙන් විමසා ඇත. එහිදී “කාර් එකේ සර්පයෙක්” යැයි ඔහු පැවසීම නිසා කලබලයට පත්වූ කාන්තාවද ඔහුටත් පෙර ඒ දෙසට දිවගොස් ඇති බවද කියයි.
එහිදී මෝටර් රථයේ අසුන මත ඇත්තේ සර්පයකු නොව ගැරඬියකු හැරගිය හැවක් බව කාන්තාවට අවබෝධ වී ඇති බවත් ඒ අනුව වහාම ඇය ඒ බව ඒ වනවිටත් වාහනය ආසන්නයට පොල්ලක්ද අතැතිව පැමිණෙමින් සිටි ව්‍යාපාරිකයාට පවසා ඇති බවත් කියයි.
“එහෙමද? ඇත්තටම එකපාරටම දැක්ක ගමන් මම හිතුවෙ සර්පයෙක් තමයි කියල” මෙහිදී එසේ කී ව්‍යාපාරිකයා “මදෑ ඔයින් ගියා” යැයි කියමින් කෝටුවක් සොයාගෙන රිය අසුන මත තිබූ ගැරඬිහැව ඉවත්කර ඇති බවද කියයි.



අදහස් (0)

ගැරඬි හැවකට යකා නටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16775 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site