පුතාගේ බඩේ අමාරුවෙන් පියාගේ පටි රෝල් දරුවකුගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට සුපුරුදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය සමාජ සේවකයෙකුද වූ පියකු වෛද්‍යවරයාගේ පැනයකට දරුවා දුන් පිළිතුරෙන් වෛද්‍යවරයා ඉදිරියේ බෙහෙවින් අසරණ වී එම වෛද්‍යවරයා වෙත යාම ද නතර කිරීමේ සිද්ධියක් දකුණු පළාතේ නාගරික පෙදෙසකින් අසන්නට ලැබිණි. සැන්දෑ යාමය උදාවීමෙන් පසු අවුරුදු හතරක් පමණ වයසැති සිය දරුවා උදරාබාධයක් බව පවසමින් හඬා වැළපෙන්නට වූයෙන් පියා සිය බිරියගේද උපදෙස් පරිදි අසල්වැසියෙකුගේ ත්‍රිරෝද රියක් කුලියට ගෙන නිවසට තරම 18 May 2024
නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ ගමක 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ වරකාපොළ ප්‍රදේශයේ හොඳම අවිවාහක මිතුරා මීට වසර කිහිපයකට ඉහතදී යුරෝපා රටක රියදුරු රැකියාවකට ගොස් තිබේ. පසුව තරුණයා තම අවිවාහක හොඳම මිතුරාට දුරකතනයෙන් දිනක කියා ඇත්තේ උඹ දැන් යුරෝපා රටක රියද 17 May 2024
අඩුවට පොල් කඩා බඩට ගහලා පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකියාව ද අහිමිවෙමින් තිබීමේ සිද්ධියක් බෙන්තොටට නුදුරු වෙරළබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි. පියා ගමේ පළපුරුදු පොල් කැඩුම්කරුවෙකි. ගමේ සියලු දෙනා පොල් කඩවා ගන්නේ ඔහු ලවා ය. පුතා ද එම රස්සාව පුරුදුව සිටියත් පියා එයට කැමැත්තක් දැක්වූයේ නැත. එනිසා පියා තමා දන්නා හඳුනන මහත්මයෙකුගේ කාර්මික ආයතනයක පුතාට සුළු රැක 16 May 2024
කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා විමසූ අවස්ථාවේ, දිවා ආහාරයට ගත් දේවල් කියාගන්නට බැරි වූ තරුණිය දහඅතේ කල්පනා කළ පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ අවට ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කාර්යාලයක සේවය කරන ගම්පහ ප්‍රදේශයේ තරුණියකි. ඇය මෙදින සේවයට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු ඇති වූ 15 May 2024
කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර්තා විය. ඇති හැකි යමක් කමක් ඇති පවුලකි. පියාගේ ඇවෑමෙන් ගෙදර කටයුතු භාර වී ඇත්තේ එකම පුතුටය. දෙදරු පියකුද වන මේ පුතා කුණු ලෝභයකු බව ප්‍රකට කතාවකි. ඉකුත් දිනක මේ පුත්‍රයා ගමේ වෙළඳ සලකට ගොස් මේ ඇත්තට කන්න දෙන්නත් එපායැ. ඔය කුකුළු මස් පන්සීයක් දෙන්නැයි ඉල්ලීය. එහි වටිනාකම ද කේවල් කර ගෙවීමෙන් අනතුරුව ඔහ 14 May 2024
මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. මාතර නගරයෙන් ඈත ග්‍රාමීය පෙදෙසක විසු රජයේ නිලදරුවෙකු වූ ඔහු යම් සමාජ මට්ටමක සිටි පුද්ගලයෙකි. ගමෙහි මෙන්ම අවට ගම්වල ද මංගල හා අවමංගල උත්සවයක්, පිරිත් පිංකමක් මෙන්ම වෙනත් වුවමනාවන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුය. ඒ ඔහු තුළ තිබූ සංවිධාන ශක්තිය හා තැනට උචිත චතුර කථිකත්වය නිසාවෙනි. දිනක් තම ඥ 13 May 2024
අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟුල් දිනයේ දී ගුණකථනයක් කිරීමට අවශ්‍ය කතාව වෙනත් අයකු ලවා ලියවාගෙන කට පාඩම් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් පොල්පිතිගම අවට ගම්මානයකින් අසන්නට ලැබේ. මොහු වසර 30ක් පමණ රාජ්‍ය සේවයේ සිය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු කෘෂි පර්ෙෂණ නිලධාරිවරයෙකි. එසේ විශ්‍රාම ගොස් වසර දහයක් පමණ ගත වී ඇති අතර එදා මෙදාතුර කිසිම දවසක ප්‍රසිද්ධ සභාවක කතාවක් 11 May 2024
මිනී කාරයේදී පණ ඇවිත් මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. හදිසි අසනීප තත්වයක් නිසා සිහිමූර්ඡා වී සිටි රෝගියකු රෝහලට ගෙන යාම සඳහා නිවැසියෝ සුවසැරිය රථයට දුරකතන ඇමතුමක් දුන්හ. ඒ අනුව ක්‍රියාත්මක වූ සුවසැරිය ගිලන් රථයේ නිලධාරීහු නියම ස්ථානයට පැමිණියහ. රෝගියා පරීක්ෂා කර බැලූ ඔවුහු ඔහු මියගිය බව පැවසූහ. මියගිය අයෙකු සිය රථයෙන් ගෙන නොයන බව පවසා ඔ 10 May 2024
පියාගේ මළගමට දියණිය හැඩ වෙලා පියා මියගිය පුවත සැල වූ විගස සියලු කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක පිළිබඳ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ නිවාස සංකීර්ණයකට නුදුරු පෙදෙසකින් වාර්තා විය. කෙටි කලක් තිස්සේ අසනීපෙන් පෙළුණු පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක දී මරණයට පත් විය. දරුවන් දෙතුන් දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන කතා කර නිගමනයට පැමිණියේ නගරයේම මල් ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු කරන්නටය. එම 09 May 2024
ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක් සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්දමට කතාව මෙසේය. රාජ්‍ය සේවකයන් දෙපළකි. ගජ මිතුරන්ය. දෙදෙනාම මැදි වයස ඉක්මවූවන්ය. ඉඳහිට මත්පැන් ටිකක් තොල ගෑවේ ද එකිනෙකාගේ මූල්‍ය දායකත්වයෙනි. එක් මිතුරකුගේ වැඩිහිටි දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් අනික් මිතුරාට ද ආරාධනාවක් ලැබිණි. තම දරුවන් සහ බිරිය ද සමග හොඳින් හැඳ පැළඳ ගත් මිතුරා මංගල උත්සවය පැවැ 08 May 2024
උපන්දින ඩයට් එක බයිට් එකට අරන් විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. යමක් කමක් ඇති අයෙකි. එදින ඔහුගේ ජන්මදිනයයි. සාමාන්‍යයෙන් ඔහු ජන්ම දිනය දා කුමක් හෝ පින්කමක නිරත වන්නේය. එදා තෝරා ගත්තේ කවදාවත්ම නොකළ පින්කමකි. ඒ සිය නගරයේ විහාරස්ථානය අසල සිටින කාත්කවුරුවත් නැති අසරණයන්ට දිවා ආහාර ලබාදීමය. මේ ආහාර වේලද ඔවුන් අතට පත්වී ඔවුන් පුදුම කරවීම ඔහුගේ අහිංසක අභිප්රා 07 May 2024
මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ. එකම නිවසක වාසය කරන තම දියණිය සහ බෑනා එක පක්ෂයකය. මාමණ්ඩිය ඡන්ද අයිතිය ලැබුණු දා සිට ඔහු කැමති වෙනත් පක්ෂයකය. නමුත් මැයි දින රැලියට යන්නට දෙදෙනාම කල්තියාම සූදානම් වෙමින් වෙනදා නැති ආදරයක් දැක්වූ බෑනා මාමණ්ඩියට පවසා ඇත්තේ, ‘‘ඔය පක්ෂයට කවදාවත් දිනන්න බෑ, ඔයා එන්න අපේ පක්ෂයේ මැයි 06 May 2024
සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා සිංහල හින්දු අලුත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට ඒමට තරුණ අඹුසැමි යුවළකට සිදුවූ පුවතක් රක්වාන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ගෙවී ගිය සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනවල නිවසට එන නෑදෑයන්ට සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමට උවමනා කර තිබූ මාළු මිල දී ගැනීමේ අදහසින් මෙම තරුණ අඹුසැමි යුවළ මාදම්පේ මාළු වෙළඳ සංකීර්ණයට ගොස 04 May 2024
කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා අලුත් අවුරුද්දට කාර්යාලයට රැගෙන ගිය කැවිලි පාර්සලය වැරැදී ලැජ්ජාවට පත් වූ සේවකයකු පිළිබඳව සබරගමුව පළාතේ ගමකින් අසන්නට ලැබිණි. සිද්ධිය මෙසේය, ඔහු එම කාර්යාලයේ ඉහළ නිලයක් දරන නිලධාරියෙකි. ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයකු වන අතර එහෙත් අතපසුවීම් නම් සිදුවන්නේ කලාතුරකිනි. ඔහුගේ බිරිය ද රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන අතර ඇයත් අවිවේකී ජීවිතයක් ගත කරති. ඔහු සේවය කරන කාර්යාලයේ සෙසු සහෝදර සේවක සේවිකාවන් වෙත ඔහු ඉතා හොඳින් සලකන අතර ඔවුන්ගේ සැප දුක් සොයා බැලීම 04 May 2024
පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවෙකු සෙවූ අයෙකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලීය සහ ගලෙන් බිඳුනුවැව අතර පිහිටි පිටිසරබද සුන්දර ගමකින් අසන්නට ලැබුණි. මැදි වයසේ පසුවුණු ඔහු, මස් මාංශ නොමැතිව ආහාර ගත්තේ නම් එය ඉතා කලාතුරකින් සිදුවුණු දෙයකි. ඒ තරමටම ඔහු මස් මාංශ කෙරෙහි දැඩි තණ්හාවක් දැක්වූ තැනැත්තෙකි. තැන නොතැන නොබලා මස් මාංශ ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් දෙපාරක් නොසිතා කිරීමට පෙලඹෙන හදිසි කාරයෙකි. ඔහු සහ 04 May 2024
සුමිහිරි ජොලිය කූඩුවෙන් නැවතිලා සිය සැමියා මහමග තැනින් තැන මිතුරන් සමග බොමින් මහ රෑ දෙගොඩ හරියේ සැමදා නිවෙසට පැමිණීම එක රැයකින් නවතා දැමූ භාර්යාවක් පිළිබඳ කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ. මිතුරන් සමග ඔහු බිව්වේ අද ඊයක නම් නොවේ. එසේ බී ඔහු නිවෙසට එන්නේ රෑ දෙගොඩ හරියේය. මෙය භාර්යාවට මෙන්ම දරුවන්ට මහත් කරදරයක්වී තිබිණ. බීමත්ව මහ රෑ යතුරු පැදියෙන් නිවෙසට පැමිණ යතුරු පැදියෙන් බිම වැටී අතපය කඩාගෙන තිබූ අවස්ථාද නැත්තේ නොවේ. ඒ නිසාම සිය සැමියා බේරා ගැනීමට ඇය නොගත් උත්සාහයක් නැත. ඇය ඔහුට 04 May 2024
බසයේ පෙම්වතිය රෙදිකඩේදී මවක්වෙලා මග තොට දී මිතුරු වූ මිතුරකුගේ ඇරියුමකට දුන්, අපූරු ආදරයක් රොටුඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. හැඩකාර තරුණියක වූ ඇය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට ගමේ එමින් සිටියාය. ප්‍රවාහන අපහසුතා නිසා මගී තදබදය බැවින් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන ආරම්භ කිරීමට ඇය මාකුඹුර බස් නැවතුමට පැමිණියාය. බස් රථයේ ආසන සියල්ල පිරී තිබූ අතර, පසුපස අවසාන ආසන පේළියේ හිඳ ගැනීමට මැයට ඉඩ කඩ ලැබිණි. ඒ අසල සිටි පෙනුම ඇති මැදි වියේ ජේත් 04 May 2024
කලින් පෙම්වතිය එක්ක සූප්පුවෙන් කිරි බිව්වාම බිරිදට යකා නැගලා ගමේ අවුරුදු උත්සවයේ දී සූප්පුවෙන් කිරි බීමේ තරගයේ දී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 36 හැවිරිදි දෙදරු පියෙක් සිය බිරිය හා දරු දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටියි. මෙම දෙදරු පියා මීට වසර 11 ට පමණ ඉහත දී අවුරුදු 23 ක් වූ තරුණියක් විවාහ කරගෙන නිවසට කැන්දාගෙන පැමිණ තිබේ. දැනට මෙම යුවළට දරුවෝ දෙදෙ 04 May 2024
මාසෙට ලක්ෂයක් ගන්න ගිහින් ‘කපුටකුට’ අහුවෙලා වැඩිහිටි දීමනාව මාසයකට ලක්ෂයක් ලබා දෙන බව පවසමින් කාන්තාවක රවටා ඇය සතු ලක්ෂ හයක් පමණ වටිනා රන්ආභරණ රැගෙන පලාගිය වංචාකරුවෙකු පිළිබඳ කතා පුවතක් අරලගන්විල වෙහෙරගල ගම්මානයෙන් වාර්තාවේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු නිවසකට ගොස් තමා රජයේ නිලධාරියකු බවද වැඩිහිටි දීමනා ලබා දීමට පැමිණි බවද කාන්තාවට පවසා ඇත. වැඩිහිටි දීමනාව මාසයකට රුපියල් ලක්ෂ යකට වැඩි මුදලක් ලැබෙන බවත් එම මුදල ගන්න නම් ඇපයක් අවශ්‍ය බවද නිලධාරියක 03 May 2024
වදයෙන් බේරෙන්න අපූරු උපායක් සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී විදුහල්පතිගේ හිත සතුටු කරවන්න ඔහුගේ පුතා නාට්‍යයට සම්බන්ධ කරගත් අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. විදුහල්පතිගේ පුතාට ඉංග්‍රීසි පොතේ අකුරක්වත් බැරිය. ඒත් පාසල් ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමේ සිටි අනෙක් සිසුහු අති දක්ෂයෝය. මේ නිසාම මේ නාට්‍ය කණ්ඩායමට සමස්ත ලංකා ජයක් හිමිවනු ඇති බව මුළු පාසලම දැන සිටියේය, විදුහල්පතිද ඒ අතරය. මේ නිසාම නාට්‍ය කණ්ඩායම භාරව සිටි ගුරුවරයාට විදුහල්පතිවරයා අපූරු යෝජනාවක 02 May 2024
මිනිය මාරුවී ගුටි නොකා බේරිලා කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 30 April 2024
පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක් තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිදුවීමක් ඉකුත් දිනක රජරට පළාතේ පැවැති අවුරුදු සැණකෙළියකදී දැනගැනීමට හැකි විය. එම සිදුවීම මෙසේය. එදින තම ගම් පළාතේ පැවැත් වූ අවුරුදු උත්සවයක් සඳහා මවක් සහ ඇයගේ තරුණ වයසට එළඹෙමින් සිටි දියණියක් සහභාගී වූහ. එම දියණිය උදෑසන සිට තරග ඉසව් කීපයකටම සහභාගි වී ඉන් ජයග්‍රහණය ලබා සිටි අතර, එදින සන්ධ්‍යාවේ පැවැත්ව 29 April 2024
ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමට පැමිණි තරුණ පිරිස සහ වැඩිහිටියෝ එක්වී සෑම වර්ෂයකම බක්මහ උළෙලක් පවත්වති. අගනුවර ප්‍රදේශයේ විවිධ රැකියාවල නියුතු පිරිස අවුරුදු උත්සවයට අවශ්‍ය තෑගිබෝග ද රැගෙන ඒමට අමතක නොකළහ. විනෝදාස්වාදය ගෙනදෙමින් විවිධ ජන ක්‍රීඩා තරගවලින් සමන්විත බක 27 April 2024
සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පිටත්වී දෙදෙනාම පදමට මත්පැන් පානය කොට ගමට පැමිණ තම නිවස සොයා ගැනීමට නොහැකිව ගමේ බොහෝ ගෙවල්වලට ගොස් තට්ටු කොට ‘මේ අපේ ගෙදර ද?’ යනුවෙන් ඇසූ පුවතක් මහනුවරට ආසන්න ගමකින් වාර්තා වේ. අවිවාහකයෙකු වන වයස අවුරුදු හැටකට පමණ ආසන්න වූ මෙම පුද්ගලයා දිනපතා බීමට ඇබ්බැහි වී සිටින අතර, තම නිවසින් බැහැරව පිටස්තර ප්‍රද 26 April 2024
අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක් බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය. උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සතුට සිය පවුල්වල සාමාජිකයන් ද සහභාගි කරගෙන සැමරීමට එක්තරා අයතනයක සාමාජිකයන් පිරිසක් එක්ව බක් මහ උළෙලක් සංවිධාන කර තිබිණි. මෙම උළෙලේ අවුරුදු උත්සවවල තිබෙන සියලුම අංග තිබූ අතර, පළමුව තිබුණේ මැරතන් ධාවන තරගයයි. 25 April 2024
තෑගි සාරියත් කූල් පෙට්ටියේ අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුතු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. මේ ගුරුවරියගේ නිවසට අලුත් අවුරුද්දට රොතු බුරුතු පිටින් පිරිස් ආහ. සිය පාසලේ සහෝදර ගුරුවරුන් සහ සිසුන් ද ඒ අතරය. නෑ සනුහරේ අය ද ඊට නොදෙවැනි ලෙස පැමිණියහ. ඒ පැමිණි සෑම දෙනාම තෑගි බෝග ද රැගෙන ආහ. වැඩිමනත් ගෙන ආවේ කේක් ගෙඩි සහ බිස්කට් වර්ගය. මෙලෙස ගෙනා කේක් ස 24 April 2024
අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු වසරක් පාසා අවුරුදු උත්සවයක් සංවිධානය කරති. ගමේ මැණික් ව්‍යාපාරිකයන් සහා වෙළෙඳ ප්‍රජාව අනුග්‍රහය දක්වන බැවින් ලැබෙන ත්‍යාගවල වටිනාකම්ද ඉතා ඉහළය. අවුරුදු උත්සවවල ආරම්භයේ දක්නට ලැබෙන ගමේ තරුණ පිරිසගේ ජවය පෙන්වන ගම හරහා දිවීමද මෙම අවුරුදු උත්සවයේ පවත්වයි. එම තරගයේ ජයග්‍රාහකයන් සදහා විශාල වශයෙන් මුදල් ත් 23 April 2024
සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹුසැමි යුවළට තරුණ වයස නොඉක්මවූ අඩු වයස් දැරියක් සිටියාය. මෙම දැරිය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් හොර රහසේම නිවෙසින් පලා යාම හේතුවෙන් ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කොට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ බාල වයස්කාර එම දැරිය පරිවාස කඳවුරක් බාරයේ සිටියාය. මෙම සිදුවීමෙන 22 April 2024
තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍යම පළාතෙන් වාර්තා වෙයි. සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය. සිද්ධිය වූ දිනයේ සවස් කාලයේ තම අනියම් බිරිය කාර්යාල වේලාවෙන් පසු හමුවී නැවත නිවෙසට යාමට පෙර තරමක් මධුවිත තොල ගෑ ඔහු ගෙදරට ගොස් බිරිය නිදාගත් පසු නිවෙසේ එළියේ ආලින්දයට ගොස් අනියම් බිරිය සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටින අතරතුර ජංගම දුරකතන 20 April 2024
එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. දෙන්නාම ගොඩනැගිලි ක්ෂේත්රයේම නියුත්තෝ වෙති. අහල පහළ ගම් දෙකකය. මේ දෙන්නාගෙන් එක් අයකුට හරියට වැඩය. ඔහු රජ වැඩකාරයෙකි. අනෙකා කිව්වොත් බොරුවක්ය. ගැහැව්වොත් ගැටයක්ය. මේ නිසාම ඔහුට වැඩ ලැබෙන්නේ ඉඳහිටය. කලාතුරකින්ය. කවුරුත් නැති අවස්ථාවලදීය. ඒ වැඩ දෙන අයට කරන ලද කෛරාටික වැඩ නිසාත් ඔහුට වැඩ අඩුවී තිබු 20 April 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026