IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජකාරිය ලොක්කාට අහු වී තරු පෙනිලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල්වලට බෙදාහරිමින් සිටියදි ආයතන ප්‍රධානියාගේ අතටම හසුවූ සේවකයකු පිළිබඳ අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.
ජනතාවට වඩාත් සමීප සේවාවක් සපයන ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක් නගරයක් සමීපයේ ඇත. වසර පහකට වැඩි කාලයක් මෙම කාර්යාලයේ සේවය කළ සේවකයෙක් සතියට දින හතරක්වත් විවිධ සේවා අවශ්‍යතා සඳහා යැයි බැහැර යෑමට පුරුද්දක් කරගෙන සිටියේය. උග්‍ර සමාජවාදි අදහස්වලින් පිරුනු වදන් වලින් කාර්යාල මිතුරු මිතුරියන් සමග අදහස් හුවමාරු කරගන්නා ඔහු විනිවිදභාවය අවංකත්වය හා නිවැරදිව රාජකාරි කිරිම පිළිබඳව උපදෙස් ලබාදීමට ද ඔහු රුසියකු බව පැවසේ. 


බිරිද කෘෂි කර්මාන්තයට අදාළ රැකියාවක් සිදුකළ අතර ඔහුට රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපාරයක්ද ඇත. සුපුරුදු ලෙස සේවයට වාර්තාකර දිනක් එලෙස බැහැර ගිය අතර වෙනදා පරිදිම රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කාර්යයේ නිරත වුයේ කිසිදු පැකිළීමකින් තොරවය. 
ආයතන ප්‍රධානියා දිස්ත්‍රික් කාර්යාලය යමින් සිටියදී අතරමග වෙළෙඳ සලකට රෝපණ ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි සේවකයා දුටුවේය. කාර්යාලයට කතාකර ඔහු පිළිබදව විමසිමේදී වැඩසටහනකට යන බව පවසමින් බැහැර සටහන් කර පිටව ගොස් ඇති බව නිලධාරියෙක් සදහන් කළේය. ප්‍රධානියා වාහනයෙන් බැස ගොස් වැඩසටහන පිළිබදව විමසීමක් කළ අතර සේවකයාට උන්හිටි තැන් ද අමතක වූයේය.
සිදුකළ වරදට ආයතන ප්‍රධානියාගෙන් ඔහු සමාව අයැද සිටි අතර පසුදින කාර්යාලයට කැඳවා අවවාද කළ අතර කාර්ය මණ්ඩල රැස්වීමක්ද කැඳවා බැහැර යාම පිළිබදව සියලු‍ දෙනාට ලු‍ණු ඇඹුල් සහිත දේශනාවක් ද ප්‍රධානියා සිදුකළේය. සිද්ධිය වසන් කර ගැනීමට කොතෙකුත් ඔහු උත්සාහ කළ ද කාර්ය මණ්ඩල රැස්වීමේදී ප්‍රධානියා සිදුකළ දේශනාව නිසා කාර්යාලය පුරා සිද්ධිය ප්‍රසිද්ධ වීමට වැඩි කාලයක් ගත නොවීය. සේවකයා හමුවන අවස්ථාවලදි බැහැර යන්නේ නැද්ද යනුවෙන් මිතුරන් විමසීම නිසා වෙනත් කාර්යාලයක ස්ථාන මාරුවීමක් ඉල්ලා ඔහු යාමට සුදානමින් සිටින බව ද වාර්තාවේ.



අදහස් (3)

රාජකාරිය ලොක්කාට අහු වී තරු පෙනිලා

ගුණරත්න Friday, 21 February 2025 01:31 PM

සමාජවාදය ගැන නිතර දෙසන්නේ මාලිමාවුන් තමයි...

:       17       20

වික්‍රම විදුරSaturday, 22 February 2025 09:28 AM

ගුණරත්න, මාලිමාවෙත් මාලිමාවේ නම අරගෙන හොරවැඩ කරන වුන් නැත්තාම නොවේ. හැබැයි ඔහේ නියෝජනය කරන පක්ෂයේ ඔහේලාගේ දෙමාපියන් ඉඳන් දරුවෝ වෙනකම්ම හොරු.. කත්තඩි, පගා කාරයෝ, ජාවාරම් කාරයෝ. 99.99% නෙමේ ඟුණරත්න ඔහේත් එක්කම 100% ම..

:       14       14

Lalla Thursday, 27 February 2025 09:40 AM

සංවර්ධන නිලධාරීන් කියල ග්‍රාම නිලධාරීන් වැඩ කරන සේවා පියසට දමල ඉන්න කට්ටිය කරන්නේ නිකම්ම ඉඳල වැටුප ගැනීම හෝ තම පුද්ගලික වැඩ කිරීම නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site